Pagalpanti

නොවැම්බර් 14, 2019

 

අනීස් බාස්මී බොලිවුඩ් මසාල සිනමාවේ නම් දැරූ සිනමාකරුවෙකි.1995 වසරේ හල්චල් චිත්‍රපටය තනමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන බාස්මී තැනූ ප්‍යාර් තෝ හෝනා හි තා , දීවාන්ගී, නෝ එන්ට්‍රි, සෑන්ඩ්විච්, වෙල්කම්, සිංග් ඊස් කිංග්. රෙඩි වැනි චිත්‍රපට නිෂ්පාදක ගේ මල්ල කරේ තබා දුන්නේය. ඔහුගේ නවතම චිත්‍රපටය පාගල්පන්ති ද ඒ ජාතියේ ම එකක් බැව් දැනටමත් අදහස් පළ ව ඇත.

පාතාල මැරයන් දෙදෙනෙකු තම පෙම්වතියන් ලවා රවටමින් මුදල් උපයන තිදෙනෙකු වටා ගෙතුණ මේ චිත්‍රපටයේ අපේ චිත්‍රපටයක් වූ පෙම් කැකුළ චිත්‍රපටයේ කතාවේත් යම් ලකුණක් ඇත. එයට හේතුව මේ චිත්‍රපට සියල්ලට පාදක වනුයේ පැරණි චෙකොස්ලෝවැකියානු චිත්‍රපටයක් වන කැප්රීසියස් සමර් නම් චිත්‍රපටයවීමයි. පසුකලක මේ කතාවම හින්දියෙන් ද නිර්මාණය වූවා.

අනිල් කපූර්, ජෝන් ඒබ්‍රහම්, ඉලෙනා ඩි කෘස්, අර්ශඩ් වර්ශි, පුල්කිත් සම්රත්, ක්‍රිති කර්බන්ධා, ඌර්වශි රවුටෙලා ආදීහු මෙහි චරිත මවති.චිත්‍රපටය රූප ගත කරන ලද්දේ ලන්ඩනයේ වුවත් එහි කාලගුණය කිහිප වතාවක්ම චිත්‍රපටයට හිරිහැර කරන්නට වග බලා ගත්තේය. මුම්බායි නගරයේ රූප ගත කිරීමක දී ජෝන් ඒබ්‍රහම් තුවාල ලැබීම චිත්‍රපටයට තවත් කරදරයක් විය. කෙසේ වෙතත් චිත්‍රපටය නිම වන විටම එහි නිෂ්පාදකවරුන් වූ ටී සීරිස් සමාගමේ භූෂාන් සහ ක්‍රිෂාන් යන කුමාර සොහොයුරෝ එහි දෙවැනි කොටසක් තනන්නට ද අනීස් බාස්මීට බාර දුන්හ. පුසගිය ඔක්තෝබර් 22 වැනි දින එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැරි පසු එය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 19 ක් විය.