සතුරාගෙන් මව් බිම රැක ගන්නට ආ වීරයා

නොවැම්බර් 28, 2019

 

COMMONDO 3

 

හෙට සිට ඔබ හමුවට...

විපුල් අම්රුත්ලාල් ෂා විසින් නිෂ්පාදනය කරන ලද කමාන්ඩෝ චිත්‍රපට මාලාවේ තුන්වැන්න කමාන්ඩෝ 3 හෙට සිට ඔබ හමුවට එයි. මෙහි අධ්‍යක්ෂණය ආදිත්‍ය දත් විසිනි. 2013 වසරේ කමාන්ඩෝ 1 අධ්‍යක්ෂණය කළේ දිලීප් ඝෝස් විසිනි. පූජා චොප්රා සහ ජෛදීප් අහ්ලාවත් එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. 2017 වසරේ නිපදවූ කමාන්ඩෝ 2 දේවෙන් භෝජානි විසින් අධ්‍යක්ෂණය කළ අතර විද්‍යුත් ජම්වාල් සහ අදාහ් ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. ඔවුන් දෙදෙනාම කමාන්ඩෝ 3 හිද ප්‍රධාන චරිත නිරුපණය කිරීම විශේෂත්වයකි. අංගිරා ධාර් සහ ගුල්ෂාන් දේවයියා ඔවුන්ට සහය වෙති.

කමාන්ඩෝ 1 සහ 2 ලැබූ සාර්ථකත්වය විපුල් ෂාට එහි තුන්වැනි කොටස නිර්මාණය සඳහා හේතු වූ බව කියැවේ. චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය නිකුත් වූ ඔක්තෝබර් 24 වැනි දිනයේ පැය 24 ක් තුළ එය නරඹා තිබූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 15ක් පමණ වූ බැවි වෙබ් අඩවි වාර්තා කරයි. ලන්ඩනයේ සිට පැමිණි නන්නාඳුනන ප්‍රහාරකයකු මව්බිමට පහර දීමට ආසන්න මොහොතේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේද ආධාර ඇතිව සතුරා දඩයම් කිරීමට කරන් සිං ඩොග්‍රා සූදානම් වෙයි. ඔහුට ඒ මෙහෙයුම සාර්ථක කර රට බේරාගත හැකි වනු ඇත්ද? හෙට සිට තිරගතවන කමාන්ඩෝ 3 ත්‍රාසය මුසු ක්‍රියාදාම චිත්‍රපටය නරඹන්නන්ට එය නිසැකවම දැනගත හැකිවනු ඇත.

 

Add new comment