වර්ෂ 2019 ක්වූ December 12 වැනිදා Thursday
ෆෝර්ඩ් එරෙහිව ෆෙරාරි තරඟයට සූදානම්

අපූර්ව සිනමා නිර්මාණයක්
FORD Vs FERRARI
MATT DAMON CRISTIAN BALE
ඇමෙරිකානු මෝටර් රථ නිර්මාණකරුවකු වන කැරොල් ෂෙල්බි සහ නිර්භීත බ්‍රිතාන්‍ය මෝටර් රථ ධාවන ශූරයකු වන කෙන් මයිල්ස් ෆෝර්ඩ් ආයතනය සඳහා වෙනස්ම ආකාරයේ මෝටර් රථයක් ෆෝර්ඩ් ට්ඊ 40 නමින් නිර්මාණය කිරීමට සැලසුම් කරති. ඒ සමඟම ඔවුහු එක්ව ෆෙරාරි සමාගමේ රේස් කාර්වලට එරෙහිව තරග කිරීමටද සැලසුම් කරති. ඒ 1966 ප්‍රංශයේ පැවැත්වූ ලේ මෑන්ස් මෝටර් රථ තරගයේ ජයග්‍රහණය වෙනුවෙනි. ෆෝර්ඩ් හා ෆෙරාරි අතර මේ එදිරිවාදීකම ජයගන්නේ කවුරුන්ද? කෙසේද?
ජේම්ස් මෑන්ගෝල්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි චිත්‍රපටය මේ පැනයට පිළිතුරු සපයමින් රචනා කර ඇත්තේ ජෙස් බටර්වර්ත්, ජෝන් හෙන්රි බටර්වර්ත් සහ ජේසන් කෙලර් විසිනි. මැට් ඩැමොන් සහ ක්‍රිස්ටියන් බලේ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය ඇමෙරිකානු ක්‍රීඩා ප්‍රවර්ගයට අයත් චිත්‍රපටයකි. මුල් අවස්ථාවේ ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිත සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබුණද එය ව්‍යර්ථ විය. 2018 ජූලි මස කැලිෆෝනියාවේ ඇරඹු රූගත කිරීම්, තවත් දර්ශනතලවල මෙන්ම ප්‍රංශයේ ලේමැන්ස් ද ඇතුළත්ව දෙමසක් පුරා සිදු කෙරිණ. ඇමෙරිකානු ඩොලර් මිලියන 97.6ක පිරිවැයක් දරා තැනූ ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි ලොව පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික ආදායමක් නොවැම්බර් 09 වැනිදා සිට මේ දක්වා උපයා ඇති අතර විචාරකයන් පවසා තිබුණේ ප්‍රේක්ෂකාගාරය අපේක්ෂා කරන සියලු නූතන මෝටර් රථ ක්‍රියාකාරකම් මෙහි අඩංගුවන බවයි. ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි අන්තර්ජාතික වශයෙන් මුදා හැරීම නොවැම්බර් මස 15 සිදුවිය.
මේ චිත්‍රපටයට අදාළ සත්‍ය සිදුවීමේදී GT 40 මෝටර් රථය නිර්මාණය කෙරුණේ එම තරගය සඳහාම පමණක් වන අතර 1960 සිට 1965 දක්වා ෆෝර්ඩ් ආයතනය තැනූ එම රථය ධාවන තරගයෙන් නොකඩවා සය වරක් ඇමෙරිකාවට ජයග්‍රහණය හිමි කරදෙන්නට සමත් විය.