ආදරය සහ ප්‍රචණ්ඩත්වය සමඟින් මර්ජාවාන්

marjaavaan
දෙසැම්බර් 5, 2019

රගු මැරවරයෙකි. විෂ්ණුගේ පියාට පක්ෂපාතී මැරවරයෙක් ලෙස ඔහු ක්‍රියා කරයි. විෂ්ණු මෙය නොඉවසයි. මේ අතර ළමයින්ට සංගීතය උගන්වන සෝයා වෙනුවෙන් සහය දැක්වීමට රගු ඉදිරිපත් වන අතර එයට දැඩිලෙස අකමැති වන විෂ්ණු, රගු සෝයාට උදව් කිරීම අවස්ථාවක් කරගනිමින් රගුව අපකීර්තියට පත් කිරීමට කටයුතු කරයි. ඒ හේතුවෙන් ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පිළිබඳව ආදරය සහ ත්‍රාසය සමඟින් විශිෂ්ට ලෙස ඉදිරිපත් කර ඇති ''මර්ජාවාන්'' ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් ලොව පුරා සිනමා ශාලාවන්හි තිරගත වෙමින් පවතී. 2019 වසරේදී ඉන්දියාවේ නිෂ්පාදිත නවතම හින්දි රෝමාන්තික ක්‍රියාදාම චිත්‍රපටය ''මර්ජාවාන්'' මිලාප් සැවේරිගේ අධ්‍යක්ෂණය කි. මෙහි තිරපිටපත ද ඔහුගේම වීම විශේෂත්ව කි. මෙහි සම නිෂ්පාදනය භූෂාන් කුමාර් විසිනි.

රිතේෂ් දේශ්මුක්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ටාරා සුතාරියා සහ රකූල් ප්‍රීත් සිං ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබති. මෙහි කතා පුවත රගු‚ සෝයා සහ විෂ්ණු යන ප්‍රධාන චරිත ත්‍රිත්වය වටා ගලා යයි. සංගීතය ටානිෂ් බන්ච්, පයාල් දේවි, සහ ආදිත්‍ය දේවි විසින් සිදුකර ඇති අතර ගීත ත්‍රිත්වයකින් චිත්‍රපටයේ සුන්දරත්වය තව තවත් තීව්‍ර කර ඇත. නිගම් ‍බොම්සාම්ගේ විශිෂ්ට සිනමාකරණයෙන් හැඩවන මෙය මහිර් සැවේරිගේ සංස්කරණයකි. ඉන්දියානු ප්‍රකට සිනමා නිෂ්පාදන සමාගමක් වන එ‍ම් එන්ටර්ටේන්මන්ට් මෙහි නිෂ්පාදන සමාගම යි.බෙදාහැරීම PEN Marudhar Cine Entertainment  විසිනි. ''මර්ජාවාන්'' marjaavaan )  2019 ඔක්තෝම්බර් 2 තිරගත වීමට නියමිතව තිබුණද එය ප්‍රමාද වූ අතර නැවත 2019 නොවැම්බර් 15 වන දින මුල්වරට ඉන්දියාවේ දී තිරගත විය.

පැයයි මිනිත්තු 15 ක ධාවන කාලයක් රැගත් මෙම චිත්‍රපටය ආරම්භක දිනයේදී පමණක් ඇමරිකානු ඩොලර් කෝටි 7 .03 ක් ආදායමක් උපයා ගත්තේ ය. බොක්ස් ඔෆිස් ඇස්තමේන්තු ගත වන ඩොලර් කෝටි 60 .17 ක මුදල ද උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වීමට ද '' මර්ජාවාන් '' චිත්‍රපටය අපේක්ෂාවෙන් සිටී. ප්‍රචණ්ඩකාරී නාට්‍යමය ආදර කතාවක තේමාව රැගත් මෙම ක්‍රියාදාම චිත්‍රපටය දැන් ඔබටත් රසවිඳිය හැකිය.

Add new comment