ත්‍රාසය භීතිය කුතුහලය රැගත්

JUMANJI
දෙසැම්බර් 12, 2019

The Next level

“ස්පෙන්සර් ජුමන්ජි වීඩියෝ ක්‍රීඩාවට තදින් ඇබ්බැහි වී ඇති කෙනෙකි. දිනක් ඔහුගේ සීයාගේ නිවසේ පහළම මාලයේ ඔහු වීඩියෝ ක්‍රීඩාවෙහි පද්ධතිය අලුත්වැඩියා කරයි. ස්පෙන්සර්ගේ මිතුරන් වන බෙතානිෆ්‍රිජ් සහ මාර්තා පැමිණෙන විට ඔහු අතුරුදන් වී ඇති බවත් ක්‍රීඩාව ක්‍රියාත්මක වන බවත් දකී. පසුව යෞවනයන් සිව්දෙනා ද ඉන්ද්‍ර‍ජාලික වීඩියෝ ක්‍රීඩාවට හසුවන අතර ඔවුන්ට ඉන් මිදිය හැකි එකම ක්‍ර‍මය වන්නේ ක්‍රීඩාව අවසන් කිරීම සඳහා එකට එක්ව වැඩ කිරීම යි”. ඒ සඳහා ඔවුන් එක්ව වැඩ කරාවිද? ඔවුන්ට එම ඉන්ද්‍ර‍ජාලිකයෙන් බේරීමට හැකි වේවිද? ඉන්පසු කුමකින් කුමක් සිදු වේව්ද? Jumanji 2  ඔබත් නරඹන්න. Jumanji 2  ජේක් කස්ඩාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජේක් කස්ඩාන් ජේෆ් පික්නර් සහ ස්කොට් රොසෙම්බර්ග් විසින් රචනා කරන ලද ඇමරිකානු මනකල්පිත ක්‍රියාදාම ත්‍රාසජනක බවින් පිරි විකට චිත්‍රපටයකි. එය 2017 තිරගත වූ ජුමාන්ජි, වෙල්කම් ටු ද ජංගල් යන චිත්‍රපටවලින් පසුව නිර්මාණය වන නවතම jumanji The Next Level චිත්‍රපටය යි.

මේ චිත්‍රපටයේ ඩිවේන් ජොන්සන්, කෙවින් හාට්, ජැක් බ්ලැක්, කැරන් හිලන්, නික් ජොනාස්, ඇලෙක්ස් වුල්ෆ්, මෝගන් ටර්නර්, සර් ඩාරියස් බ්ලේන් සහ මැඩ්සන් ඉස්මන් රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය හෙන්රි ජැක්මන් විසිනි. සිනමා නිර්මාණය ගයුලා පදෝස් නිර්මාණය කර ඇති අතර සංස්කරණය කළේ ස්ටීව් එඩ්වර්ඩ්ස් විසිනි. චිත්‍ර‍පටයේ පළමු ‍ට්‍රේලරය ජූලි මස පළමුවැනි දින නිකුත් විය. කොලොම්බියා පික්චර්ස් නිෂ්පාදනයක් වන මෙය සෝනි පික්චර්ස් සමාගමේ බෙදාහැරීම කි. පැය 1 යි මිනිත්තු 59 ක ධාවන කාලයක් රැගත් ණභථචදණඪ 2 දෙසැමිබර් 13 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ දී සහ කැනඩාවේ දී ප්‍ර‍ථමවරට තිරගත වේ. පසුව ඔස්ට්‍රේලියාවේ දී දෙසැම්බර් 26 වැනි දින තිරගත වීම ආරම්භ වේ. Jumanji 2  චිත්‍ර‍පටය තිරගත කිරීමෙන් ආරමිභක සති අන්තයේ දී පමණක් ඇමරිකානු ඩොලර් මිලයන 40 ක දළ ආදායමක් අපේක්ෂා කෙරේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.