ප්‍රේමය හාස්‍ය සමඟින් අසාධාරණයට එරෙහිව

DABANGG 3
දෙසැම්බර් 12, 2019

චුල්බුල්.පාණ්ඩේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ක්‍රියා කරයි. ඔහු නිර්භීත පොලිස් නිලධාරියෙකි. ඔහුගේ ප්‍රතිවිරුද්ධ සටන්කරු වන්නේ බාලි සිං ය. ඔහුගේ දූෂිත ක්‍රියාවන් මැඩ පැවැත්වීමට චුල්බුල් පාණ්ඩේ ක්‍රියා කරයි. ඒ හේතුවෙන් බාලි සිං චුල්බුල් පාණ්ඩේ පිළිබඳ ඇති කර ගන්නා වෛරය, පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන දක්වා දුරදිග යයි. ඊට එරෙහිව චුල්බුල් පාණ්ඩේ කුමක් සිදු කරාවිද? සතුරාගෙන් පළිගනීවිද? Dabangg 3 ප්‍රභා දේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටයකි. 2007 වසරේ දී ප්‍ර‍භූ දේවා විසින්  Wanted චිත්‍ර‍පටය හරහා පළමු වරට සල්මන් ඛාන් අධ්‍යක්ෂණය කර ඇති අතර නැවත වතාවක් Dabangg 3 චිත්‍ර‍පටය හරහා අධ්‍යක්ෂණය ලබාදීමට හැකි වීම පිළිබද ඔහු සතුට පළකරයි. Dabangg පළමු චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කළේ Abhinav Kashype වන අතර දෙවැන්න සල්මන් ඛාන් සමඟ සම නිෂ්පාදනය කරන ලද්දේ අර්බාස් ඛාන් විසිනි.සල්මන් ඛාන් සහ අර්බස් ඛාන් විසින් නිෂ්පාදනය කර ඇති චිත්‍රපටයේ තිර රචනය සල්මන් ඛාන් ප්‍රභා දේවා සහ ආලෝක් උපධ්‍යාය විසිනි.

සංගීතය සංදීප් ශියොද්කාර්ගෙනි. මෙහි කතාව සකසා ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේය. සල්මන් ඛාන්, සොනාක්ෂි සිංහා , සයියි මංජෙකර් සහ කීචා සුදීප් ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබති. සොනාක්ෂි සිංහා Dabangg  චිත්‍රපට මාලාව හරහා රංගනයට එක් විය. නවක නිළියක් ලෙසින් Saiee Manjrekar එක්කරගෙන තිබීමත් වි‍ශේෂත්වයකි. මෙහි කතා පුවත චුල්බුල්. පී. පාණ්ඩේ, රාජ්ජෝ පාණ්ඩේ, මකන්චන් පාණ්ඩේ සහ සුදීප් යන ප්‍රධාන චරිතයන් වටා ගලා යයි. මේ චිත්‍රපටය 2012 දී තිරගත වූ Dabangg 2 චිත්‍රපටයේ සහ ච්චඡචදඨඨ චිත්‍රපට මාලාවේ 3 වන කොටසයි. මෙහි පළමු නිකුත් කිරීම 2019 නොවැම්බර් 13 වැනි දින සිදු වූ අතර චිත්‍රපටය නිකුත් කිරීමට දින සියයක් ඉතිරිව තිබියදී 2019 සැප්තැම්බර් 11 වැනි දින හින්දි, කන්නඩ, දෙමළ සහ තෙළිගු යන භාෂා 4 කින් පෝස්ටර් නිකුත් කරන ලදී. Dabangg 3 2019 දෙසැම්බර් 20 වැනි දින ඉන්දියාවේදී තිරගත වීමට නියමිත ය. පැය 2 යි මිනිත්තු 30ක ධාවන කාලයක් රැගත් මේ චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තබමින් තිරගත වනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකිය.

 

Add new comment