මන්ද්‍රකිනියේ දුර ඇත පාරාදීසයේ නවතම දිගහැරුම

දෙසැම්බර් 19, 2019

ස්ටාර් වෝර්ස් ඇමරිකානු එපික් අභ්‍යවකාශ ඔපෙරා ඉංග්‍රීසි භාෂා ක්‍රියාදාම චිත්‍රපට මාලාවකි. එය ජෝර්ජ් ලූකස් විසින් 1977 දී අධ්‍යක්ෂණය කරන ලද ඒ New Hope (1977) න් ආරම්භ වී 2019 වසර දක්වා පැමිණි “තාරකා යුද්ධ” (Star Wars) චිත්‍රපට මාලාවේ නවතම සිනමා පටය යි. The Empire Strikes Back (1980)‚ Return of the Jedi (1983)‚ The Phantom Menace (1999)‚ Attack of the Clones (2002)‚ Revenge of the Sith (2005)‚ The Force Awakens (2015)‚ A Star Wars Story (2016)‚ The Last Jedi (2017)‚ A Star Wars Story (2018)‚  මේ කතා මාලාවේ අනෙක් කොටස් වේ. මේ චිත්‍රපට මාලාවේ චිත්‍රපට ත්‍රිත්වයක් ඉහළම ආදායම් වාර්තා අතරට එක්වී ඇත. IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ අදටත් මුල්ම චිත්‍රපට 75 අතරට මේ චිත්‍රපට ත්‍රිත්වය ද ඇතුළත් ය. එම චිත්‍රපට වන්නේ ඒ New Hope (1977)‚ The Empire Strikes Back (1980)‚ Return of the Jedi (1983) ය. මේ චිත්‍රපට තුනට අමතරව තවත් චිත්‍රපට හයක් ඔස්කා සම්මාන සඳහා ද නිර්දේශ වී තිබුණි. Star Wars (The Rise of Skywalker) යනු මෙහි නවතම කතාව වේ.

ජෝජ් ලූකස් ජේ.ජේ ඒබ්‍රම්ස් රයන් ජොන්සන් ඉර්වින් කර්ෂ්නර් රිචඩ් මාකන්ඩ් යන අධ්‍යක්ෂකවරුන්ගේ අධ්‍යක්ෂණයකි. “ලූකස් ෆිල්ම්ස්” විසින් නිෂ්පාදනය කරන ලදී. මේ චිත්‍රපටය සඳහා මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.308 ක මුදලක් වැයවී ඇත. බොක්ස් ඔෆිස් වාර්තාගත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.323 කි.මාක් හැමිල් කැරී ෆිෂර් ඇන්තනී ඩැනියෙල් ඩේසි රිඩ්ලි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති. ඩාර්ක් වඩර් ලියියා කුමරිය යෝඩා ලූක් ස්කයිවෝකර් යන ප්‍රධාන චරිතයන් වටා චිත්‍රපටය ගලා යයි. “ස්ටාර් වොර්ස්” පාදක කර ගනිමින් රූපවාහිනි කතා මාලා කිහිපයක් ද  “List of radio dramas” නමින් ගුවන් විදුලි වැඩසටහන් ද විකාශය වී ඇත. වීඩියෝ ක්‍රීඩා සඳහා ද මේ කතා මාලාව යොදාගෙන ඇත 2008 දී “Star Wars‚ The Clone Wars”  නමින් ඇනිමේෂන් චිත්‍රපටයක් ද තිරගත වී ඇත. එලෙසින්ම 2018 වර්ෂයේ “Reflections”  නමින් කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇත. ඉහළම තාක්ෂණය සමඟින් නව දෘශ්‍ය ප්‍රයෝග රැගත් ඉබචප එචපඵ Star Wars (The Rise of Skywalker) සිනමා රසිකයින්ගේ සිනමා උන්මාදයට සාර්ථකම පිළිතුරක් වන බව නොඅනුමාන ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.