2019 වර්ෂයේ වැඩිම ආදායම්

වාර්තාවලට හිමිකම් කී ඉන්දියානු චිත්‍රපට
ජනවාරි 2, 2020

 

War

War චිත්‍රපටය බොලිවුඩයේ දැවැන්තම චිත්‍රපට සමාගමක් වන යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයකි. Action"Thriller කාණ්ඩ නියෝජනය කරමින් 2019 ඔක්තෝම්බර් දෙවෙනිදා මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ අතර පළමු දිනය තුළ කෝටි 53 කමුදලක් ලබාගන්නට සමත් විය. පසුව පළමු සතිය තුළ කෝටි 200ක ආදායමක් ඉක්මවා යන්නට සමත් වූ අතර චිත්‍රපටයේ සමස්ත ආදායම වශයෙන් කෝටි 470 ක් ඉක්මවූ අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමඟින් Imdb දර්ශකය 6.8 දක්වා කරකවා ගැනීමට සමත් වුණි. මේ අයුරින් මේ චිත්‍රපටය බ්ලොක්බස්ටර් ලේබලය තමන් සන්තක කර ගන්නට තරම් වාසනාවන්ත විය.

රිතික් රෝෂන් සහ ටයිගර් ෂෙරොෆ් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම කෝටි 200කි. 2019 වර්ෂයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන්නේ මෙයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Siddhar Anand  වන අතර අති විශිෂ්ට ගණයේ සටන් අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුගේ සහාය ද මේ සඳහා ලබා ගැනුණි.aul Jennings" Franz Spilhaus" Parvez Shaikh හා Sea Young oh එම සටන් අධ්‍යක්ෂකවරුන් ය.

 

 

 Bigil

 

 

 

දීපවාලී උත්සවය නිමිති කොටගෙන දර්ශනය කෙරුණු තලපතිගේ බිගිල් චිත්‍රපටය දින 5ක් ඇතුළත කෝටි 202 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වුණි. චිත්‍රපටය නිකුත් වුයේ 2019 ඔක්තෝම්බර් 24 වන දිනය. චිත්‍රපටය අධ්‍යක්ෂණය ඇට්ලි කුමාර් විසිනි. ලොව පුරා දර්ශන තල 4200 ක පමණ ප්‍රදර්ශනය කළ බිගිල් තමිල්නාඩුවේ පමණක් කෝටි 90 ක පමණ ආදායමක් උපයා ඇත. ඇමරිකාව තුළ මිලියන 1ක් ඉපැයූ බිගිල් තමිල්නාඩුවෙන් පිටත එනම් කේරළ, කර්ණාටක සහ තෙලිගු ප්‍ර‍දේශවල කෝටි 45ක් පමණ උපයා ඇත. පළමු දිනය තුළදී කෝටි 60 ක ආදායමක් සතු කර ගැනීමට බිගිල් චිත්‍රපටයට හැකිවිය. පළමු දින 3 දී කෝටි 142 ක් ඉපැයූ බිගිල් තලපතිගේ සර්කාර්, මර්සල් චිත්‍රපටවලට පසුව කෝටි 200 කඩයිම පසුකළ තුන්වන චිත්‍රපටයයි. Imdb  අගය 7.5 කි. බිගිල් දමිළ චිත්‍රපටයේ සමස්ත ආදායම කෝටි 300 ඉක්මවීය.

 

 

 

Kabir singh

 

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය, සන්දීප් රෙඩ්ඩි වන්ගා විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 ජූනි 21 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Cine 1 studios ය. නිෂ්පාදන වියදම මිලියන 680 ක් වූ අතර දල වශයෙන් කෝටි 379 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

The surgical strike

 

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය, ආධිත්‍ය ධාර් විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 ජනවාරි 11 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ RSVP movies  ය. නිෂ්පාදන වියදම කෝටි 25 ක් වූ අතර දල වශයෙන් කෝටි 342 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

Bharat

 

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය, අලි අබ්බාස් සාෆර් විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 ජූනි 5 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Reel life productions  ය. නිෂ්පාදන වියදම කෝටි 100 ක් වූ අතර දල වශයෙන් කෝටි 325 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

Mission mangal

 

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය, ජගන් ශක්ති විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 අගෝස්තු 15 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Cape of good
films  ය. නිෂ්පාදන වියදම මිලියන 320 ක් වූ අතර කෝටි 290 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

 

Housefull 4

 

2019 ඔක්තෝම්බර් 25 වන දින මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීම ආරම්භ විණි. ප්‍රධාන චරිත නිරූපණය  Akshay kumar සහ Riteish Deshmukh විසිනි. මේ චිත්‍රපටය දල වශයෙන් කෝටි 278 ක පමණ මුදලක් උපයාගන්නට සමත් විණි. නිෂ්පාදන වියදම මිලියන 750ක් පමණය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆර්හාඩ් සම්ජි විසිනි.

 

 

Chhichhore

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය" නිටේෂ් තිවාරි විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 සැප්තැම්බර් 6 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Nadiadwala Grandson Entertainment ය. නිෂ්පාදන වියදම මිලියන 500 ක් වූ අතර දල වශයෙන් කෝටි 212 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

 

Kesari

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය" අනුරග් සිං විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 මාර්තු 21 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Dharma productions ය. නිෂ්පාදන වියදම මිලියන 800 ක් වූ අතර දල වශයෙන් කෝටි 210 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.

 

 

Super 30

 

චිත්‍රපටය අධ්‍යක්ෂණය, විකාස් බාල් විසිනි. චිත්‍රපටය නිකුත් වූයේ 2019 ජූලි 12 වැනි දිනය. නිෂ්පාදන සමාගම වන්නේ Phantom films  ය. නිෂ්පාදන වියදම බිලියන 1.15 ක් වූ අතර දල වශයෙන් කෝටි 208 ක පමණ ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වුණි.