ත්‍රාසය හා කුතුහලය රැගත්

ජනවාරි 9, 2020

Underwater 

කෙටි හිසකෙස් සහිත කාත්තාවකගේ නායකත්වයෙන් යුතු බිහිසුණු හමුදා කාර්මික කම්කරුවන් පිරිසක් නොදන්නා සම්භවයක් ඇති භයානක සත්වයෙකු විසින් ලුහුබදිනු ලබයි. මුහුදු පත්ලේ දියයට භායානක සත්වයෙකු සමඟ සිදුවන අතිශය බිහිසුණු ක්‍රියාදාම රැසකින් චිත්‍රපටයේ ත්‍රාසජනක බව තව තවත් වැඩි කරයි. මුහුදු පතුලේ මෙවන් අතිශය බිහිසුණු ත්‍රාසජනක ක්‍රියාදාම කලහැකි බලවත් සත්වයා කවරෙක් ද? පිටසක්වල පියෙක්ද? නම්ත් පිටසක්වල ජීවීන් අභ්‍යවකාශයේ මිස මුහුදු පතුලේ වාසය කරයිද? ඇත්තටම මෙම භයානක සත්වයා පිටසක්වළ ජීවියෙක්ද? එන්න නරඹන්න Underwater  යනු, විලියම් ඉම්බෑන්ක් විසින් අධ්‍යක්ෂණය කරන ලද බ්‍රයන් ඩෆීල්ඩ් සහ ඇඩම් කොසාඩ් විසින් තිර රචනය කරන ලද 2020 ඇමරිකානු ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයකි.

වර්නින් එන්ටටේන්මන්ට් විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර ක්‍රිස්ටන් ස්ටුවර්ට්  (Kristen Stewar) වින්සන්ට් කැසෙල් (Vincent Cassel)  ජෙසිකා හෙක්වින් ජෝන් ගැලගර් කනිෂ් මාමදු ආති සහ ටී.ජේ මිලර් ප්‍රධාන රංගන දායකත්වයෙන් එක්වනු ලබති. ත්‍රාසජනක රූපරාමු රැගත් Underwater හි සිනමා නිර්මාණය බොජන් බාසෙලි විසින් වන අතර චිත්‍රපට සංස්කරණය ටොඩ් ඊ මිලර්, බ්‍රයන් බර්ඩන් සහ විලියම් හොයිගෙනි. චිත්‍රපටයෙ ත්‍රාසය තවත් වැඩිකරමින් මාකො බෙල්ට්‍රාම් සහ බ්‍රැන්ඩන් රොබර්ට්ස් විසින් සංගීතය අපූර්ව ආකාරයෙන් සිදු කර ඇත.

චිත්‍රපටය සඳහා වූ වියදම ඇ.ඩො මිලියන 80කි. පැය 1කුත් මිනිත්තු 35ක ධාවන කාලයක් රැගත් Underwater ජනවාරි 10වන දින ඇමරිකාව තුළ තිරගත වේ. දිය යට ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් සමගින් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගිමින් Underwater චිත්‍රපටය තිරගතවනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.