නරක නැති BAD BOYS for life

ජනවාරි 16, 2020

Bad boys  හි පළමු කොටස නිකුත් වූයේ 1995 දීය. එහි දෙවන දිගහැරුම 2003 වර්ෂයේදී සිදු විය. එහි නවතම පියවර 2020 ජනවාරි 17 වැනි ඇමරිකාවේදී තිරගත වීමට නියමිතය. එය නමින් BAD BOYS FOR LIFE  වේ. දෙවන චිත්‍රපටය සාර්ථක වීමෙන් අනතුරුව මුල් අධ්‍යක්ෂක “මයිකල් බේ” ප්‍රකාශ කර සිටියේ තමා නැවත චිත්‍රපටයක් කරලීමට උනන්දුවක් දක්වන නමුත් අයවැය සීමා කිරීම දුෂ්කර බවයි. කෙසේ වෙතත් සාකච්ඡාවලින් අනතුරුව මෙහි නව කොටස සඳහා අවශ්‍ය කටයුතු නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ 2018 ඔත්තෝම්බර් මාසයේදීය. එයින් අනතුරුව සිනමා පටයේ කටයුතු ආරම්භ කළ අතර මේ සිනමා පටයේ රූගත කිරීම් 2019 ජනවාරි සිට ජූනි දක්වා “ඇට්ලන්ටා” සහ “මියාමි” හිදී සිදුවිය. චිත්‍රපටය සඳහා මූලික වියදම මිලියන 90කි. චිත්‍රපට ප්‍රවර්ගය “buddy cop action comedy” වේ.

මයික් ලෝවර් සහ මාකස් බර්නෙට් ප්‍රධාන චරිත ද්විත්වය වන අතර සිනමාපටය ඔවුන් වටා ගොඩනැගී ඇත. බර්නෙට් පොලිස් පරීක්ෂකයකු වන අතර ලෝවර් පොලිස් භටයක් සහිත තරුණ කණ්ඩායමක් වන AMMO  හි ප්‍රධානියා ලෙස පත් කරනු ලැබේ. මීට වසර ගණනාවකට පෙර ඔවුන් පරාජය කළ දරුණු කාටල් මැර කණ්ඩායමක නායකයෙකු වන අතර ඔහු මයික්ගෙන් පළිගැනීමට උත්සාහ කරයි. මයික් හා මාකස් එක්ව කටයුතු කරන්නට පෙළඹෙන්නේ ඉන් අනතුරුවය. එයින් පසුව සිදුවන දේ දැනගැනීමට BOYS FOR LIFE නැරඹිය යුතුමය.

BOYS FOR LIFE අධ්‍යක්ෂණය, අදිල් එල් ආර්බි සහ බිලාල් ෆල්ලාහ් විසිනි. චිත්‍රපටය නිෂ්පාදනය ජෙරී බ්‍රැක්හයිමර්, විල් ස්මිත් සහ ඩග් බෙල්ග්‍රෑඩ් ය. මෙහි කතාව පීටර් ක්‍රේග් සමග ජෝයි කර්නාහාන් විසිනි. සංගීතවත් කළේ, ලෝරන් බල්ෆ් විසිනි. සංස්කරණය ඩෑන් ලෙබෙන්ටල් සහ පීටර් මැක්නල්ටි විසින්ය. සෝනි පික්චර්ස් ඉදිරිපත් කිරීමකි.මෙහි දෙවන කොටසෙහි සාර්ථකත්වය ඔස්සේ තෙවන කොටස ද සාර්ථකත්වයක් අත්පත් කරගනු ඇතැයි සිනමා විචාරකයන්ගේ අදහසයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.