2020 ඇකඩමි සම්මාන දිනූවෝ

හොඳම චිත්‍රපටය දකුණු කොරියාවෙන්
පෙබරවාරි 13, 2020
Joker

 

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී පසුගිය 09 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර 92 වැනි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබුවේ දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ බොන්ග් ජුන්-හෝ විසින් අධ්‍යක්ෂණය කළ ර්‍ථචපචඵඪබඥ චිත්‍රපටය යි. ඔස්කාර් ඉතිහාසයේ විදෙස් චිත්‍රපටයක් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය නොවූ සිනමා නිර්මාණයක් ඔස්කාර් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත් පළමු අවස්ථාවද වේ.

 

ප්‍රේක්ෂක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් බ්ධඬඥප චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වකීන් ෆීනික්ස් හොඳම නළුවා ලෙසත් බ්භඤර චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රෙනී සෙල්වෙගර් හොඳම නිළිය ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබූහ. බ්ධඬඥප චිත්‍රපටය නිර්දේශ නාම 11ක් ලබමින් වැඩිම නිර්දේශ නාම ලද චිත්‍රපටය වුවද සම්මාන 04ක් ලබමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ලද චිත්‍රපටය බවට පත් වූයේ ර්‍ථචපචඵඪබඥ චිත්‍රපටය යි. අමෙරිකානු චිත්‍රපට නිර්මාණකරුවකු වන ඩේවිඩ් ලින්ච්, නළුවකු, නිෂ්පාදකවරයකු වන වෙස් ස්ටඩි සහ ඉතාලි ජාතික සිනමාකාරියක වන ලීනා වර්ට්මුලර්හට මෙවර ඔස්කාර් ගෞරව සම්මාන පිරිනැමුණි. ජීන් හර්ෂොට් සම්මානය අමෙරිකානු නිළි ජීනා ඩේවිස් වෙත පිරිනැමුණි.

Parasite

මෙවර ඔස්කාර් වේදිකාවේ සංගීතය මෙහෙයවීම පළමු වරට කාන්තාවක විසින් සිදු කිරීමට ද විශේෂත්වයකි. අයර්ලන්ත ජාතික සංගීතඥවරියක් වන ඊමියර් නූන් විසින් සංගීතද මෙහෙය වන විටදී ඔස්කාර් වේදිකාවට වසර 18ට පසු එමිනෙම්ගේ පැමිණීම සියල්ලන් කුල්මත් කරවීමට සමත් විය. මෙවර සම්මාන උලෙළේ කාන්තා නියෝජනය කෙරෙහි අවධානය යොමු කරමින් හොඳම සංගීත සංයෝජනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම කෙටි වාර්තා විෂය චිත්‍රපටය, නිෂ්පාදන සැලසුම්කරණය වෙනුවෙන් වූ සම්මාන කාන්තාවන් විසින් දිනා ගැනීමත් විශේෂත්වයකි.

බ්‍රැඩ් පිට්

බොන්ග් ජුන්-හෝ

රෙනී සෙල්වෙගර්

 

කෙසේ නමුත් චිත්‍රපට විචාරකයන් පෙන්වා දෙන්නේ 2020 ඔස්කාර් නාමයෝජනා ලද ඇතැම් චිත්‍රපට එලෙස නාමයෝජනා ලැබීමට සුදුසුකම් නොලද චිත්‍රපට බවයි. බ්ධඬඥප චිත්‍රපටය සම්මාන 11ක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වුවත් විචාරකයන් පවසන්නේ එය මිශ්‍ර ප්‍රතිචාර ලද චිත්‍රපටයක් බවයි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ 69%ක් ලද එය නරඹන්නන්ගේ ආතතිය වැඩි කරවන බවද ඔවුහු පෙන්වා දෙති.

 

ලෝරා ඩර්න්

 

ඕධථඡඵඩඥතත, ර්චතඥටඪජඥදබ: ර්ඪඵබපඥඵඵ ධට ඡ්මඪත, ඉබචප එචපඵ: ඊඩඥ අඪඵඥ ධට ඉඬරඹචතඬඥප, අඪජඩචපඤ බ්ඥඹඥතත, ඊඩඥ ඹ්ඪධද ම්ඪදඨ, ජ්පධලඥද 2, ඕපඥචඬබඩපධභඨඩ චිත්‍රපටවලට නොලැබිය යුතු තත්ත්වයක් ඔස්කාර් විසින් හිමිකර දී ඇති බවද විචාරක අදහසයි.

 

වකීන් ෆීනික්ස්

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.