එදා සයිෆ් අලි ඛාන් මෙදා සාරා අලි ඛාන්...

පෙබරවාරි 20, 2020

Love Aaj Kal 2020

ජායි සහ මීරා ලන්ඩනයේ නව තාලයට දිවි ගෙවන ඉන්දීය ජාතික යුවළකි. එකිනෙකා සමඟ සතුටින් දිවි ගෙවූවද එම සබඳතාව හේතුවෙන් එකිනෙකාගේ සිහින බැඳ තබා ගත යුතු යැයි ඔවුහු විශ්වාස නොකරති. මේ නිසා එකිනෙකාගේ වෘත්තීය වුවමනාවන් සපුරා ගැනීම වෙනුවෙන් දෙදෙනා වෙන්වන්නේ ජීවිත කාලය පුරාම හොඳ මිතුරන් සේ සිටීමට පොරොන්දු වෙමිනි.

මීරා ඉන්දියාවට පැමිණෙන අතර ජායි අමෙරිකාවේ සිට සිහින රැකියාව ලැබෙන තුරු බලා සිටී. එහිදි ජායි ස්විට්සර්ලන්ත යුවතියක සමඟින් බැඳෙන අතර මීරා ද උසස් නිලධාරියකු සමඟින් ප්‍රේමයෙන් බැඳේ. මිතුරෙකුගේ පෙලඹවීමෙන් ජායි ඉන්දියාවට පැමිණ සිටින අතරතුර මීරා හමුවේ. දිගු කලකට පසු හමුවන ජායි සහ මීරා තම ජීවිත කෙසේ ඉදිරියට ගෙන යනු ඇති දැයි කියන්නේ Love Aaj Ka චිත්‍රපටය යි.

Love Aaj Kal පළමු චිත්‍රපටය තිරගත වූයේ 2009 වසරේදීයි. ආදායම් වාර්තා තබමින් තිරගත වූ එය මේ වසරේ පෙම්වතුන්ගේ දිනයේදී යළිත් තිරගත වූයේ නව නිර්මාණයක් ලෙසිනි. Love Aaj Kal නව චිත්‍රපටය ද මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඉමිතියාස් අලිගේ අධ්‍යක්ෂණයකි. Jab Harry Met Sejal, Tamasha, Highway  චිත්‍රපටද ඉමිතියාස් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ.Love Aaj Kal  (2020) චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බොලිවුඩයේ යොවුන් නළු නිළි යුවළක් වන කාර්තික් ආර්යන් සමඟ සාරා අලි ඛාන් විසිනි. වෛද්‍ය යුවළකගේ පුතෙකු වන කාර්තික් ඉංජිනේරු උපාධිධරයෙකි. රංගනයට පෙම්බැඳී ඔහු 2011 වසරේදී සිනමාවට පිවිසියේ Pyaar Ka Punchnam චිත්‍රපටයෙනි.

2018 වසරේදී බොලිවුඩයට පිවිස ෆිල්ම් ෆෙයාර් හොඳම නැගී එන නිළිය සම්මානයක් දිනූ සාරා මේ වන විට බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් යොවුන් නිළියක් බවට පත් වී සිටින්නීය. සාරාට Love Aaj Kal චිත්‍රපටය බොහෝ සෙයින් විශේෂ වන්නකි. මෙම චිත්‍රපටය මීට වසර විස්සකට පමණ පෙර පියා සයිෆ් අලි ඛාන් රඟ පෑ චිත්‍රපටයක නව නිර්මාණයක් වීමයි. 2009 වසරේ තිරගත කෙරුණු Love Aaj Kal චිත්‍රපටයේ සයිෆ් සමඟ එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ලද්දේ දීපිකා පදුකෝන් විසිනි. නව චිත්‍රපටය සංගීතවත් කර තිබෙන්නේ මුල් නිර්මාණයේ ද සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රීතම් විසිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.