මුනුපුරාට පැවසූ පළමු ලෝක යුද්ධයේ බිහිසුණු කතාවක්...

පෙබරවාරි 20, 2020

1917
 

එක්දහස් නවසිය දාහත අප්‍රේල් මස 06 වැනිදා පළමු ලෝක යුද්ධය අතරතුර තරුණ බ්‍රිතාන්‍ය ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනෙකු වන ටොම් බ්ලේක් සහ විලියම් ස්කෝෆීල්ඩ් හට විශේෂිත මෙහෙයුමක් සඳහා අණ ලැබේ. එනම් ජර්මානු හමුදාවට ප්‍රහාරයක් දියත් කිරීම උදෙසා ගමන් කරන 1600ක භට පිරිසක නායක කර්නල් මැකෙන්සි වෙත ජෙනරල් එරින්මෝ ගෙන් වැදගත් පණිවුඩයක් රැගෙන යාමයි. සියලු විදුලි සංදේශ ක්‍රම අඩාල වී ඇති බැවින් මෙම පණිවුඩය භට පිරිස් වෙත රැගෙන යාමට ඇති එකම ක්‍රමය නම් සතුරු බල ප්‍රදේශ හරහා බ්‍රිතාන්‍ය භට පිරිස වෙත ගමන් කිරීමයි. ටොම් බ්ලේක්ගේ සොහොයුරු ලුතිනන් ජෝසෆ් බ්ලේක් ද මෙම භට පිරිස අතර සිටින්නෙකි. අතිශය අවදානම් භයානක කලාපයක් පසුකර බ්ලේක් සහ ස්කෝෆීල්ඩ් යන තරුණ සෙබළුන් දෙදෙනො යෙදෙන උක්ත මෙහෙයුම සිනමා නිර්මාණයක් ලෙසින් පසුගිය වසරේ රිදී තිරයේ දිග හැරුණි.

1917 ලෙසින් නම් කෙරුණු එය බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයකු වන සෑම් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයකි. 1917 විශිෂ්ට විචාරක පැසසුම් ලද සම්මාන රැසක් දිනූ චිත්‍රපටයකි. 92 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී 1917 සම්මාන 10ක් වෙනුවෙන් නාම යෝජනා ලද අතර හොඳම දෘශ්‍ය ප්‍රයෝග, හොඳම ශබ්ද සංකලනය සහ හොඳම සිනමාකරණය යන සම්මාන දිනා ගැනීමට සමත් විය. 77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උලෙළේදී එයට හොඳමචිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමි විය. 25 වැනි

විචාරක සිනමා උලෙළේදී නාමයෝජනා 08ක් ලබා ඒ අතරින් සම්මාන තුනක් දිනා ගත් 1917, 73 වැනි බ්‍රිතාන්‍ය සිනමා සම්මාන උලෙළේදී සම්මාන 07කට හිමිකම් ලැබීය. අමෙරිකානු චිත්‍රපට ආයතනය විසින් වසරේ හොඳම චිත්‍රපට 10 අතරට මෙම චිත්‍රපටයද තෝරා ගෙන තිබේ. පළමු ලෝක යුද සමයේදී ජර්මානු හමුදාව විසින් දියත් කෙරුණු සත්‍ය මෙහෙයුමක් මෙම චිත්‍රපටයේ කතාවස්තුවට දළ සබඳතාවයක් ඇති අතර පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා නිලධරයකු වූ ඇල්ෆ්‍රඩ් මෙන්ඩිස් විසින් සිය මුනුපුරා වූ සෑම් මෙන්ඩිස් (අධ්‍යක්ෂ) වෙත කුඩා කල පවසන ලද කතාවක් මෙම චිත්‍රපටයට පාදක කර ගෙන තිබේ. සෑම් මෙන්ඩිස් සහ ක්‍රිස්ටි විල්සන් ක්‍රේන්ස් විසින් රචිත 1917 චිත්‍රපටයේ ජෝජ් මැකේ, ඩීන් චාල්ස් චැප්මන්, මාර්න් ස්ට්‍රෝන්ග්, ඇන්ඩෲ ස්කොට්, රිචඩ් මේඩ්න් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. ප්‍රවීණ සංගීතවේදී තෝමස් නිව්මන්ගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙහි අතිශය විශේෂ කරුණක් ලෙස ගැනෙණුයේ කැමරාකරණයයි. සිනමා කැමරාශිල්පී රොජර් ඩීකින්ස් සහ සංස්කාරක ලී ස්මිත් සුසංයෝගයෙන් මෙම චිත්‍රපටය එකම දීර්ඝ සන්තතික කැමරාකරණයක් ලෙස ගෙන තිබේ. මේ වන විට 70 වැනි වියෙහි පසුවන කැමරා ශිල්පී ඩීකින්ස් හොලිවුඩයේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියකු ලෙසින් නම් දරන්නෙකි. 1917, රොජර් ඩීකින්ස් සහ සෑම් මෙන්ඩිස් එක්ව කළ සිව්වැනි නිර්මාණය යි. ඉචමඪදඨ ර්‍ථපඪමචබඥ අරචද චිත්‍රපටයට සමාන කමක් ගන්නා කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරිවැයකින් නිම වී ඇති අතර අමෙරිකානු ඩොලර් 296ක ආදායමක් මේ වන විට උපයාගෙන තිබේ. රොට්න් ටොමැටෝස් දර්ශකයේ ලකුණු 89%ක් සටහන් කරන 1917 එහි පොදු විචාරයට අනුව “බරපතළ, වේගවත්, ගැඹුරු සහ සිත් ගන්නා සුළු තාක්ෂණික ජයග්‍රහණයක් වන අතර පළමු ලෝක යුද්ධයේ ස්වභාවය හොඳීන් සිතුවම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.