ඔස්කාර් සම්මාන දිනූ Parasite හෙට සිට ලංකාවේ

පෙබරවාරි 20, 2020

දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ බොන්ග් ජුන්-හෝ විසින් අධ්‍යක්ෂණය කළ Parasite චිත්‍රපටය හෙට (පෙබරවාරි 21) සිට සැවෝයි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ.

මෙවර 92 වැනි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබුවේ Parasite චිත්‍රපටය යි. ඔස්කාර් ඉතිහාසයේ විදෙස් චිත්‍රපටයක් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය නොවූ සිනමා නිර්මාණයක් ඔස්කාර් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත් පළමු අවස්ථාවද වේ. හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරරචනය, හොඳම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන ද Parasite චිත්‍රපටයට හිමි විය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසද එය සම්මාන ලැබීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.