යුගයෙන් යුගයට රිදී තිරයේ මැවෙන සුරතල් බක්ගේ ජීවන අත්දැකීම...

පෙබරවාරි 27, 2020

THE CALL OF THE WILD

නිවෙස්වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අතරේ සුනඛයන්හට ද හිමි වන්නේ විශේෂ තැනක්. නිවෙස්වල සාමාජිකයන්ට මෙන්ම තැනක් හිමි කර ගැනීමට මේ සුනඛ සුරතලුන් සමත්ය. සුරතලයට ඇති කරන්නන් පමණක් නොව විවිධ වගකීම් දරණ සුනඛයන් පිරිසක් ද වේ. ආරක්ෂක කටයුතු වෙනුවෙන් දායක වන සුනඛයන් සේම චිකිත්සක සුනඛයන් එහිදී විශේෂ වේ. රෝහල්වල, විශ්‍රාමික නිවාසවල, සාත්තු නිවාසවල, ආපදා ප්‍රදේශ වැනි ස්ථානයන්හි සෙනෙහස, සුවපහසුව සහ ආදරය ලබා දීම සඳහා පුහුණුව ලබා දුන් චිකිත්සක සුනඛයන් දැකිය හැකියි.

බක් යනු කැලිෆෝනියාවේ නිවෙසෙක හැදී වැඩෙන ප්‍රමාණයෙක් තරමක් විශාල බලු සුරතලෙකි. හදිසියේ බක් අතුරුදන් වේ. කැලිෆෝනියාවෙන් සොරකම් කළ බක්හට ඇලෙස්කාවේ හිම යානා ඇද ගෙන යාමේ රැකියාවක් පැවරේ. කැලිෆෝනියාවේදී සැපවත් ජීවිතයක් ගත කළ බක්හට ඇලෙස්කාවේ ජීවිතය බෙහෙවින් කටුක නමුත් අලුත් අත්දැකීමක් බවට පත් වේ. කාරුණික හදවතක් හිමි බක් එතැන් පටන් මේ ලෝකයේ තමාට හිමි තැන හඳුනා ගෙන කටයුතු කරන්නට පටන් ගනී.

බක් නම් සුනඛයාගේ ජීවිත කතාව දශක ගණනක් පුරා රිදී තිරයේ ජීවමාන වූවකි. එහි ආරම්භය සටහන් කරන්නේ, 1903දී අමෙරිකානු ලේඛක ජැක් ලන්ඩන් (ජෝන් ග්‍රිෆිත් ලන්ඩන්) විසින් රචිත ඊඩඥ ඛ්චතත ධට බඩඥ එඪතඤ කෘතියයි. මෙම කෘතිය මුල්වරට සිනමාවට නැඟුනේ 1923 වසරේදී නිහඬ චිත්‍රපටයක් ලෙසිනි. 1935, 1972, 1981, 1997 වසරවලදි ද වරින්වර මෙම කතාපුවත සිනමාවට නැඟිණි. මේ වසරේදීත් අපට බක්ගේ කතාව දැක ගැනීමට ලැබී තිබෙන්නේ ක්‍රිස් සැන්ඩර්ස්ගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙසිනි. ඔහුගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය වන ඊඩඥ ඛ්චතත ධට බඩඥ එඪතඤ (2020) චිත්‍රපටය පෙබරවාරි 21 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ විය. ට්වෙන්ටියත් සෙන්චුරි ස්ටුඩියෝස් නිර්මාණයක් වූ එය 1935 වසරේදී ඔවුන් විසින් නිර්මාණය කළ චිත්‍රපටයේම අනුවාදයකි.

හැරිසන් ෆෝඩ්, ඩැන් ස්වීවන්ස්, ඕමාර් සෙ, කෙරන් ගිලන්, බ්‍රැඩ්ලි විට්ෆෝඩ්, කොලින් වූඩෙල් ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වී සිටිති. ධ්ර්ච්ඡ දර්ශකයේ 7.6/10ක් සටහන් කරන ඊඩඥ ඛ්චතත ධට බඩඥ එඪතඤ (2020) චිත්‍රපටය රොට්න් ටොමැටෝස් අඩවියේ 63%ක් ලබා ගෙන ඇත. එහි ප්‍රමුඛ විචාරය පවසන්නේ යුගයෙන් යුගයට හදවතට දැනෙන සුන්දර කතාවක් සිනමා නිර්මාණයක් ලෙස ගෙනවිත් ඇති බවයි. නමුත් එහි අනවශ්‍ය දෘශ්‍ය ප්‍රයෝග භාවිත කර සුන්දරත්වයට යම් තරමක හානියක් පමුණුවා ඇති බවත් එහි සඳහන්. බක්ගේ ජීවිත කතාව අනුව සුනඛයෙකුහට අලුත් උපායන් ඉගැන්විය හැකි බවත් මේ ඔස්සේ දන්වා ඇති බව විචාරක අදහසයි. මේ දක්වා බොහොම දුර්වල පරිවර්තන බවට හැරවුණු ලන්ඩන්ගේ නවකතාව හොඳ සිනමා නිර්මාණයක් බවට ගොඩනගා ඇති බවත් විචාරක අදහස් අතර වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.