ආදරේට කම්මුල් පහරක්

THAPPAD
මාර්තු 12, 2020

න්දීය මුල් සමාජයේ ස්ත්‍රිය සම්බන්ධව විශේෂතා රැසක් හඳුනා ගත හැකි වේ. දේව පූජා පැවැත්වීමට තරම් සමාජ තත්ත්වයක් හිමිවී තිබූ ඇයට නූතන සමාජ මට්ටම දක්වා පැමිණි ගමනේදී ඇඳුමේ සිට ඇය හා සම්බන්ධ සියලුම දේ කෙරෙහි සමාජය බලපෑම් කර ඇති බව හඳුනා ගත හැකිය. ඒ ඔස්සේ ගොඩනැඟුණු ගෘහස්ත හිංසනය ද ඉන්දීය සමාජයේ විශාල ගැටළුවක්ව පවතින්නකි. මෙවැති තත්ත්වයක් තුළ ඉන්දීය සමාජයේ විවාහක කාන්තාවන් දූෂණයට ලක්වීම පවා අපරාදයක් ලෙස නොසැළකේ. එපමණක් නොව ඇතැම් බොලිවුඩ් නිර්මාණවලදී ද ප්‍රචණ්ඩත්වය ආදරය පෙන්වන එක්තරා ආකාරයක් ලෙස දැක්වීමට නිර්මාණකරුවන් උත්සාහ ගෙන ඇති අයුරු දැකගත හැකි වේ. පසුගිය වසරේදී ශහීඩ් කපූර් රඟපෑ කබීර් සිං එවැනි එක් සිනමා නිර්මාණයකට උදාහරණයකි.

කෙසේ නමුත් මේ වසරේදී අනුභව් සිංහා මිනිසුන්ගේ මෙම ආකල්පය නිරාකරණය කිරීමට උත්සාහයක් ගෙන තිබේ. ඒ වෙනුවෙන් ඔහු Thappad චිත්‍රපටය නිර්මාණය කර ඇත. Thappad යන්නෙහි අර්ථය කම්මුල් පහරයි.

එහි එන පරිදි අම්රිතා සිය සැමියා සමඟ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නියකි. නමුත් එක් දිනෙක උත්සව අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ සැමියා විසින් එල්ල කරන ලද කම්මුල් පහරක් හේතුවන් ඇය විවාහ දිවිය පිළිබඳ වෙනස් ආකාරයෙන් සිතීමට පටන් ගනී. Thappad චිත්‍රපටය ගෙන එන්නේ එම කතාපුවතයි.

Article 15, Ra.One  චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අනුභව් සිංහා විසින් අධ්‍යක්ෂණය කළ Thappad තිරගත කිරීම ආරම්භ කෙරුණේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. අනුභව් සමඟින් මෘන්මේ ලගෝ විසින් රචනා කෙරුණු එහි අම්රිතා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ තාප්සි පන්නුය. පන්ජාබි පවුලක උපත ලද තාප්සි පන්නු නවදිල්ලියේ තාක්ෂණික විද්‍යාලයකින් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. මෘදුකාංග ඉංජිනේරුවරික ලෙස සේවය කළ ඇය පසුව නිරූපණ ක්ෂේත්‍රයට එක් වූවාය. 2010 වසරේදී තාප්සි සිනමාවට පිවිසියේ Jhummandi Naadam නම් තෙළිඟු චිත්‍රපටයෙනි. Pink (2016), Badla (2019),The Ghazi Attack (2017), Judwaa 2 (2017), Mission Mangal (2019) ඇයගේ රංගනදායකත්වය ලද වාණිජ අතින් සාර්ථක වූ හින්දි චිත්‍රපටයන්ය. පසුගිය වසරේ තිරගත කෙරුණු Saand Ki Aankh  චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම නිළියට හිමි විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙහි වික්‍රම් ලෙස අම්රිතාගේ සැමියාගේ චරිතයට පණ පොවන්නේ පවාලි ගුලාති විසිනි. Ghost Stories (2019) and Made in Heaven (2019) ඔහු මීට පෙර දායක වූ චිත්‍රපට වේ. ඩියා මිර්සා, කුමුද් මිශ්‍රා, රත්නා පථක් ෂා, තන්වී අස්මී, රාම් කපූර් ඇතුළු පිරිසක් සෙසු චරිත මවති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.