Sooryavanshi

පොලිස් බල ඇණියට තවත් වීරයෙක්
අප්‍රේල් 2, 2020

රෝහිත් ෂෙට්ටි යනු බොලිවුඩයේ ඉහල ජනප්‍රියත්වයක් දිනා සිටින අධ්‍යක්ෂවරයෙකි'Golmaal"Singham චිත්‍රපට මාලා මෙන්ම Bol Bachchan" Chennai Express j වැනි පේ‍්‍රක්ෂක අවධානය දිනා ගත් බොලිවුඩ් නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ අලු‍ත් චිත්‍රපටයක් පැමිණෙන තෙක් රසික රසිකාවන් සිටින්නේ නොඉවසිල්ලෙන්' එයට හේතුව නම් ඔහුගේ බොහොමයක් චිත්‍රපට එකින් එක බැා තිබීම හෝ එම චිත්‍රපටවල චරිත එකිනෙක සමඟ සම්බන්ධ වන ආකාරයේ ද වන විශේෂත්වයයි'

හොලිවුඩයේ මාවල් සිනමැටික් යුනිවර්ස් සහ ඩීසි එක්ටෙන්ඩඩ් යුනිවර්ස් මෙන් දැන් බොලිවුඩයට ද ෂෙට්ටීස් පොලිස් යුනිවර්ස් එක් වී ඇත'

ආදායම් වාර්තා තබන චිත්‍රපට නිර්මාණකරුවකු ලෙසින් ප්‍රකට ඔහුගේ නිර්මාණ සමඟින් ඇරඹි මෙම පොලිස් බලඇ‚යට තවත් වීරයකු එක් වීමට නියමිතව ඇත' රෝහිත් ෂෙට්ටිගේ මෙම පොලිස් බල ඇ‚ය ආරම්භ වූයේ සිංගම් චිත්‍රපටය සමඟිනි' පසුව එයට සිම්බා ද එක් විය' බජිරාඕ සිංගම්ඣී සිංගම් චිත්‍රපටයේ පොලිස් වීරයා වන අතර එම චරිතයට පණ පොවන ලද්දේ බොලිවුඩ් නළු අජේ දේව්ගන් විසිනි' සිම්බා චිත්‍රපටයේ පොලිස් නිලධාරියා සංග්‍රාම් ලෙසින් තෝරා ගත්තේ රන්වීර් සිංය' රෝහිත් ගේ මීළඟ සිනමා අධ්‍යක්ෂණය වන Sooryavanshi  චිත්‍රපටය නුදුරේදීම රිදි තිරයෙන් දිග හැරීමට නියමිතව ඇත' ඒ ඔස්සේ මෙම පොලිස් බල ඇ‚යට අලු‍ත් වීරයාගේ පැමිිම සිදුවීමට නියමිතව ඇත' ඔහු නමින් වීර් සූර්යවංශි ය' රෝහිත් සූර්යවංශි පිළිබඳ ඉඟිය දුන්නේ සිම්බා චිත්‍රපටයේ අවසානයේදීය'

මුම්බායි ත්‍රස්ත මර්දන බළකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වීර් සූරියවංශි සහ ඔහුගේ කණ්ඩායම විසින් මුම්බායි නගරයට පහරදීමට සැලසුම් කර ඇති ත්‍රස්ත කණ්ඩායමක් නැවැත්වීමේ විශේෂ මෙහෙයුමක් සංවිධාය කෙරේ' ඒ සඳහා නියෝජ්‍ය පොලිස් කොමසාරිස් බජිරාඕ සිංගම් සහ පොලිස් පරීක්ෂක සංග්‍රම් භලේරාඕ ද එක් වෙති' Sooryavanshi චිත්‍රපටය දිග හැරෙන්නේ මෙලෙසිනි'

හිරු යාෂ් ජොහාර්ඣී අරුණ භාතියාඣී කරන් ජොහාර්ඣී අපූර්වා මෙහෙතා සහ රෝහිත් ෂෙට්ටි විසින් නිෂ්පාදනය කළ මෙහි වීර් සූරියවංශි ලෙසින් පණ පොවන්නේ බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ය' අක්ෂේ සමඟින් කත්‍රිනා කයිෆ්ඣී අජේ දේව්ගන්ඣී රන්වීර් සිංඣී ගුල්ෂාන් ග්‍රෝවර්ඣී අභිමන්යු සිංඣී නිහාරිකා රායිසදාඣී ජැකී ශ්රොෆ්ඣී සිකන්ධර් ඛේර්ඣී කුමුද් මිශ්‍රා ජාවේදි ජෙෆ්‍රි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති' හෙට (මාර්තු 24) සිට Sooryavanshi  තිරගත කිරීමට නියමිතව තිබුණද කොරෝනා වෛරසය පැතිර යාම සමඟ එම දිනය කල් දැමීමට රෝහිත් ෂෙට්ටි චිත්‍රපට නිර්මාණ කණ්ඩායම තීරණය කර තිබේ' ආදරිය පේ‍්‍රක්ෂකයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ඉතා වැදගත් බැවින් මෙම දිනය කල් දැමීමට තීරණය කළ බවත් නියම වේලාවට සූර්යවංශි ඔබ වෙනුවෙන් පැමිණෙනු ඇති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ'

තවද සිංගම්ඣී සිම්බා සහ සූරියවංශිගෙන් පසු රෝහිත් ඉක්මනින් ෂෙට්ටිගේ පොලිස් විශ්වයට සුපිරි වීරයෙකු එක් කිරීමට සූදානම් බව ද බොලිවුඩ් ආරංචි වාර්තා කරයි' රෝහිත් සූර්යවංශි චිත්‍රපටයේ අවසානයේදී සිංග සිම්බා සහ සූර්යවංශිගේ චරිත වලින් වෙනස් පෞරුෂත්ව ගති ලක්ෂණ ඇති තම මීළඟ පොලිස් වීරයා ගැන ද සඳහන් කර ඇති බවත් පැවසේ' තවද අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිද සුපුරුදු පරිදි කුමන හෝ දර්ශනයකින් පෙනීසිටිනු ඇති බව ද අපේක්ෂා කළ හැකිය'

Add new comment