බොලිවුඞ් ගී ප‍්‍රතිනිර්මාණ

අප්‍රේල් 23, 2020

ප‍්‍රතිනිර්මාණය යනු ලෝක සිනමාවේ ඕනැම තැනක අඩු වැඩි වශයෙන් දැකිය හැකි දෙයකි. බොලිවුඩය, දකුණු ඉන්දීය සිනමාව මෙන්ම හොලිවුඩයේද දැකිය හැකි ප‍්‍රතිනිර්මාණය වසර ගණනට පසු ස්ව භාෂාවෙන් හෝ වෙනත් භාෂාවලින් ද සිදුවන අතර චිත‍්‍රපට සේම රූපවාහිනි කතාමාලාද ඒ අතරට ඇතුළත් වේ. කෙසේ වෙතත් මෑත කාලීනව බොලිවුඩයේ පැරණි ගීත නැටුම් ජවනිකා ප‍්‍රතිනිර්මාණය කිරීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති බව දකින්න ලැබේ. අතිතයේ ඉහළ ජනප‍්‍රියත්වයක් දිනාගත් ගීත මෙන්ම සංකේතාත්මක වුවද එතරම් ජනප‍්‍රියත්වයක් නොලද ගීත ප‍්‍රතිනිර්මාණයෙන් පසු ඉහළ ජනප‍්‍රියත්වයක් ලබන අයුරුද මෙහිදී දැකගත හැකි වේ. අද මේ ඉඩ වෙන්වන්නේ බොලිවුඩයේ ප‍්‍රතිනිර්මාණය වූ එවැනි ගීත එකතුවක් වෙනුවෙනි.

Bachna Ae Haseeno

 

නසීර් හුසේන් විසින් අධ්‍යක්ෂණය කර 1977 වසරේදී තිරගත කෙරුණු Hum Kisise Kum Nahin චිත‍්‍රපටයේ මෙම ගීතය ඉහළ ජනප‍්‍රියත්වයක් ලද ගීතයක්. මජ්රූ සුල්තාන්පුරි විසින් පද රචනය කර ආර්. ඞී බර්මාන්ගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම ගීතය ගායනා කළේ කිශෝර් කුමාර් විසින්. රිෂී කපූර්ගේ නර්තනයකින් හැඩවුණු Bachna Ae Haseenoගීතයේ නමින් එයින් වසර තිහකට පමණ පසුව ආදිත්‍ය චොප්රා විසින් එම නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කෙරුණු අතර එයටද මෙම ගීතය ඇතුළත් කෙරුණි. රන්බීර් කපූර්, බිපාෂා බාසු, දීපිකා පදුකෝන්, කුනාල් කපූර් රංගනයෙන් දායක වුණුBachna Ae Haseeno චිත‍්‍රපටය (2008* වෙනුවෙන් එම ගීතය රීමික්ස් කර ගායනා කළේ කිශෝර් කුමාර්, සුමිත් කුමාර් සහ විෂාල් ධද්ලානි විසින්. මෙහි ජනප‍්‍රියත්වය වගේම කපූර් පිය පුතු දෙදෙනාටත් සිය රංගන ජීවිතයේ ලද වටිනා අවස්ථාවක්.

Cheez Badi

උදිත් නාරායන් සහ කවිතා ක‍්‍රෂ්ණමූර්ති විසින් ගායනා කරන Tu Cheez Badi Hai Mast Mast ගීතය අනූව දශකයේ ඉහළ ජනප‍්‍රියත්යක් දිනා ගැනීමට සමත් වූ ගීතයක්. අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි සහ රවීනා ටන්ඩන්ගේ රංගනයෙන් ඔපවත් වුණු Mohra චිත‍්‍රපටයට (1994* මෙම ගීතය සංගීතවත් කළේ විජූ ෂා විසින්. ඵදයර් චිත‍්‍රපටය අතිසාර්තක ගීත එකතුවකින් යුතු චිත‍්‍රපටයක් විය. මෙහි එන ‍Tu Cheez Badi Hai Mas ගීතය, නුස්රත් ෆතේ අලි ඛාන් විසින් ගායනා කරන ජනප‍්‍රිය ක්වාලි ගීයක් වන Dam Mast Qalandar Mast Mast මූලික කොට ගෙන නිර්මාණය වුවකි. 2017 වසරේදී අබ්බාස් මස්තාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Machine චිත‍්‍රපටයටTu Cheez Badi Hai Mas ගීතය ක්‍යැැ‘ ඊ්ාස නමින් ඇතුළත් කර තිබෙන්නේ තවත් පද කිහිපයක් ද මුසු කරමිනි. එය ගායනා කළේ උදිත් නාරායන් සමඟ නේහා කකාර්.

 

Haseeno Ka Deewana

1981 වසරේYaarana චිත‍්‍රපටයේ Sara Zamana Haseeno Ka Deewana ගීතය 2017 වසරේදී Kaabil චිත‍්‍රපටයට පැමිණි අයුරු සුවිශේෂි වේ. අන්ජාන් විසින් රචිත එයට අමිතාබ් බච්චන් එදා නර්තනයෙන් දායක වන විටදී ගීතය ගායනා කළේ කිශෝර් කුමාර් විසිනි. සංගීතවත් කළේ රාජේෂ් රෝෂන් විසිනි. ප‍්‍රතිනිර්මාණයේදී එය පද රචනය වෙනස් නොකර කාන්තා පාර්ශවය වෙත ලබා දෙන්නේ, බොහෝ අදහස් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයටම ක‍්‍රියාත්මක වන බව පෙන්වමිනි. Kaabil චිත‍්‍රපටය වෙනුවෙන් පයාල් දේව් ගායනා කරනHaseeno Ka Deewana වෙනුවෙන් නර්තනයේ යෙදෙන්නේ ඌර්වසී නම් බොලිවුඞ් නිළියයි.

 

Ek Do Teen‍

1988 වසරේදී මධුරි ඩික්සිත් Tezaab චිත‍්‍රපටයේදී ඉදිරිපත් කළ ˜ Ek Do Teen˜‍ ‍ ගීතමය දර්ශනය Baaghi 2 චිත‍්‍රපටයටද ඇතුලත් කිරීමට නිර්මාණ කණ්ඩායමේ අරමුණ විය. ඒ අනුව මධුරි වෙනුවට එම ප‍්‍රතිනිර්මාණයේ පෙනී සිටින්නේ බොලිවුඩයේ නම දිනූ ශ‍්‍රී ලංකා රූ රැුජන ජැක්ලයින් ෆර්නැන්ඞ්ස්ය. එදා අල්කා යග්නික් විසින් ගැයුනු ˜‍Ek Do Teen˜‍ ගීතය මෙදා ගයන්නේ සම්මානනීය යොවුන් ගායිකා ශ්‍රෙයා ගෝෂාල් විසිනි.

Saki Saki‍

2004 වසරේ තිරගතකෙරුණු Musafir චිත‍්‍රපටයේ එන Saki Saki ගීතය ජනප‍්‍රිය වුවද පසුගිය වසරේ තිරගත කෙරුණු Batla House චිත‍්‍රපටයේ එන එහි ප‍්‍රතිනිර්මාණය වඩා ජනප‍්‍රිය වූවකි. ප‍්‍රතිනිර්මාණයේ කැනේඩියානු නර්තන ශිල්පිනියක වන නේහා ෆතේගේ නර්තනයෙන් ඔපවත් විය.

Dilbar‍

1999 වසරේ තිරගත කෙරුණුSirf Tum චිත‍්‍රපටයේ එන Dilbar ගීතය 2018 වසරේදී Satyamev Jayate චිත‍්‍රපටය වෙනුවෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද්දේ තනීෂ් බාචි විසිනි. මෙයද මුල් නිර්මාණයට වඩා වැඩි ජනප‍්‍රියත්වයක් දිනා ගත් ප‍්‍රතිනිර්මාණයකි. සුෂ්මිතා සෙන් විසින් එදා ඉදිරිපත් කළ නර්තනය වෙනුවට ප‍්‍රතිනිර්මාණයේ නර්තනයේ යෙදෙන්නේ නෝරා ෆතේය. මුල් නිර්මාණය ගායනා කරන ලද්දේ අල්කා යග්නික් විසිනි. ප‍්‍රතිනිර්මාණයට ගායනයෙන් දායක වී තිබෙන්නේ නේහා කකාර් සහ ධවානි භනුෂාලි.

Ek Toh Kam Zindagani

සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, රිතේෂ් දේශ්මුක් සහ තාරා සුතාරියා රංගනයෙන් දායක වන Marjaan චිත‍්‍රපටයේ (2011) Ek Toh Kam Zindagani ගීතය 1986 වසරේ තිරගත කෙරුණු Janbaaz චිත‍්‍රපටයේ එන ˜‍Pyar Do Pyar Lo˜‍ ගීතයේ ප‍්‍රතිනිර්මාණයකි. සප්නා මුඛර්ජි විසින් ගායනා කර මුල් ගීතයට ජනප‍්‍රිය නිළි රේඛා රංගනයෙන් දායක විය. නේහා කකාර් සහ නවිකේර් විසින් ප‍්‍රතිනිර්මාණ ගිතයට රංගනයෙන් දායක වන්නේ නෝරා ෆතේ විසිනි.

Dheere Dheere

2015 වසරේදී ඉන්දීය පොප් ගායකයකු වන යෝ යෝ හනී සිං විසින් ගායනා කර ජනප‍්‍රිය වූ Dheere Dheereගීතයේ මුල් ගීතය මහේෂ් භාත් විසින් අධ්‍යක්ෂණය කර 1990 වසරේ තිරගත කෙරුණු Aashiqui චිත‍්‍රපටයේ එන Dheere Dheere ගීතයේ ප‍්‍රතිනිර්මාණයකි. කුමාර් සානු සහ අනුරාධා පෞද්වාල් විසින් ගායනා කෙරුණු එය සංගීතවත් කර තිබෙන්ටන් නදීම් ශර්වාන් විසින්. මුල් ගීතයට වඩා වැඩි ජනප‍්‍රියත්වයක් ලද හනී සිං ගායනා කරනDheere Dheereගීතයට රංගනයෙන් දායක වී සිටින්නේ රිතික් රෝෂන් සමඟ සෝනම් කපූර්.

 

‍Ghungroo

පංකජ් උධාස් විසින් ගායනා කරන සංකේතාත්මක ගසල් ගීතයක් වන Ghungroo විශාල් සහ ශේකර් විසින් යළි සංගීතවත් කර 2019 වසරේ තිරගත කෙරුණු රිතික් රෝෂන් සහ වානි කපූර් රඟ පෑ War චිත‍්‍රපටයට ඇතුළත් කෙරුණි. ප‍්‍රතිනිර්මාණය වෙනුවෙන් එය ගායනා කළේ අර්ජිත් සිං සහ ශිල්පා රා ඕ. මෙම චිත‍්‍රපට ගීතය ද මුල් ගීතයට වඩා ඉහළ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය.

Add new comment