පුතාගේ නැටුම් කොපි කළ තාත්තා

මැයි 21, 2020

අමිතාබ් බච්චන් රඟ පෑ ඩොන් චිත‍්‍රපටයට වසර 42 ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් අමිතාබ් 1978 මැයි 12 වන දින නිකුත් කළ ඩොන් චිත‍්‍රපටයේ මතක සටහන් සමඟ පින්තූර කිහිපයක් සිය බ්ලොග් අඩවියේ බෙදා ගැනීමට තීරණය කළා. එහිදී ඔහු පවසා තිබුණේ චිත‍්‍රපටයේ ”‍කයිකේ පාන බනාරසවාලා”‍ ගීතයේ නර්තනය වෙනුවෙන් එකල කුඩා අභිෂේක් පුතු නිවසේදී විවිධ ගීත වෙනුවෙන්ඉදිරිපත් කළ නර්තන චලන තමා අනුගමනය කළ බවයි.

වසර ගණනාවකට පසු විදේශ ප‍්‍රසංගයකදී අභිෂේක් බච්චන් ද එම ගීතයටම නර්තනයේ යෙදෙන ඡුයාරූපයක්ද අමිතාබ් මේ පින්තූර එකතුවට එක්කර තිබුණා. ඩොන් චිත‍්‍රපටය රූගත කරන විටදී තවත් චිත‍්‍රපට කිහිපයක රූගත කිරීම් නිසා අතිශය කාර්යබහුල වූ බවද ඔහු එහි සඳහන් කළේය. මෙම ගීතය රූගත කිරීම වෙනුවෙන් මෙහෙබූබ් චිත‍්‍රාගාරයට පැමිණෙන විටදී පාද වල බිබිලි ඇතිවී ඇවිදීමට පවා අපහසු අයුරින් වේදනා ගෙන දුන් බවත් පාදවලට එන්නත් ලබා ගැනීමෙන් පසු නර්තනයේ යෙදුනු බවත් අමිතාබ්ගේ සටහනේ වේ. අමිතාබ් බච්චන්ගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම සාර්ථක චිත‍්‍රපට අතරට ඩොන් චිත‍්‍රපටය ද ඇතුළත් වේ. එය 1978 දී වැඩිම ආදායමක් උපයාගත් තුන්වන චිත‍්‍රපටයයි. ඩොන් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් අමිතාබ් ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තේය. චන්ද්‍රභාරත් විසින් අධ්‍යක්ෂණය කළ එහි අමිතාබ් සමඟින් සීනාත් අමාන්, ප‍්‍රාන්, හෙලන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

2006 වසරේදී ෆර්හාන් අක්තාර් විසින් මෙම චිත‍්‍රටය ප‍්‍රතිනිර්මාණය කළ අතර ශාරුක් ඛාන්, ප‍්‍රියංකා චොප්රා, අර්ජුන් රාම්පාල්, බෝමන් ඉරානි ඇතුළු පිරිසක් එයට රංග නයෙන් දායක වූහ.