The Highwaymen

ජුනි 4, 2020

 

ටෙක්සාස් (Texas) යනු අමෙරිකා එක්සත් ජනපදයේ දෙවන විශාලතම ප්‍රාන්තය වේ. යුරෝපීයයන් අමෙරිකාවේ ජනපද බිහිකිරීමට සබැඳීව ඓතිහාසික වශයෙන් වැදගත් ප්‍රාන්තයක් වන මෙය කලෙක ස්වාධීනවද පැවැතී ඇත. 1823 දී ටෙක්සාස් හි ජනපද බිහිකළ යුරෝපීයයන් රතු ඉන්දියානු ස්වදේශිකයින්ගේ ප්‍රහාරයන්ට ලක්වන විට ඊට මුහුණ දීම උදෙසා ස්ටීවන් ඔස්ටින් නම් තැනැත්තා විසින් ස්වෙච්ඡා බලඇ‚යක් නිර්මාණය කරන ලද අතර මෙම බලඇ‚ය ‘Texas Rangers’ (දළ වශයෙන් ටෙක්සාස්හි ආරක්ෂකයින්) ලෙස හැඳීන්වෙන ලදී. ටෙක්සාස් රේන්ජර්වරුන් වර්තමානයේත් ටෙක්සාස් ප්‍රාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන අතර අමෙරිකානුවන් අභිමානයෙන් සිහිකරන නිර්භීත ආරක්ෂක බලඇ‚යක් බව පැවසේ.

ටෙක්සාස් රෙන්ජර්වරුන්ගේ සේවය ප්‍රාන්තයෙන් පිටතද විහිදී ගිය අතර ඊට කදිම උදාහරණයක් ලෙස ෆ්‍රෑන්ක් හැමර් නම් රෙන්ජර්වරයා විසින් බිහිසුණු අපරාධකල්ලියක නායක තරුණ යුවල වන බොනී සහ ක්ලයිඩ් කොටුකර ගැනීම බොහෝ විට සඳහන් වේ. බොනී සහ ක්ලයිඩ් යනු මහා ආර්ථික අවපාතය සමයේදී මධ්‍යම අමෙරිකාවේ බැංකු, ඉන්ධන පිරවුම්හල් සහ අනෙකුත් වෙළඳසැල් සිය ගණනක් මංකොල්ලකමින් ව්‍යාපාරිකයන් භීතියට පත් කල අපරාධ කල්ලියක ප්‍රධානීන් වන අතර මොවුන් සිදුකළ අපරාධ එකල පුවත්පත් වල ප්‍රධාන මාතෘකාවක් වී ඇත. මොවුන් වෙත රැා ප්‍රසිද්ධිය
කෙතරම්ද යත් මේ යුවලගේ ජීවිත කතාව ඇසුරින් නවකතා, ගීත, වේදිකා නාට්‍ය පමණක් නොව රූපවාහිනී කතා මාලා සහ හොලිවුඩ් චිත්‍රපට පවා නිර්මාණය වී ඇති අතර 1958 වසරේ නිර්මාණය වුණු ද බොනී පාකර් ස්ටෝරි සහ 1967 වසරේදී නිර්මාණය වුණු බොනී ඇන්ඩ් ක්ලයිඩ් යන චිත්‍රපට මීට අතීත උදාහරණ වේ. මේ අතරින් බොනී ඇන්ඩ් ක්ලයිඩ් අමෙරිකානු සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටයක් වන අතර එය අමෙරිකානු සිනමාවේ නවරැල්ලේ ආරම්භය ලෙස ද සළකයි.

ටෙක්සාස් රේන්ජර්වරුන් දෙදෙනෙකු විසින් බොනී සහ ක්ලයිඩ් කොටුකර ගැනීමේ ක්‍රියාන්විතය ගැන කියවෙන 2019 වසරේ තිරගත වුණු "ද හයිවේමෙන්" (මංපහරන්නනෝ) චිත්‍රපටය ඊට වත්මන් උදාහරණයක් වන අතර අද කතාබහ ඒ ගැනයි. 1930 දශකයේ සිදුවුණු මෙම ක්‍රියාන්විතයේදී රෙන්ජර්වරු නවීන පරීක්ෂණ ක්‍රම පසෙකලා භාවිත කරන්නේ, රේන්ජර්වරුන් ලෙස ඔවුන්ට උරුම වූ ‘ඉව’සහ පැර‚ උපක්‍රමයන්ය. අපරාධකරුවන් ප්‍රවෘත්ති සිරස්තල මවයි. ආරක්ෂකයන් ඉතිහාසය නිර්මාණය කරයි. ද හයිවේමෙන් චිත්‍රපටය, බොනී හා ක්ලයිඩ් යුවල මෙල්ල කළ ඓතිහාසික ආරක්ෂක
නිළධාරින් ගැන මෙතෙක් නොකියවුණු කතාව ගෙන හැර පායි. එෆ්බීඅයි නවීන පරීක්ෂණ විධික්‍රම මෙම දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ප්‍රමාණවත් නොවන කළ ටෙක්සාස් රේන්ජර්වරු දෙදෙනෙකු සිය ඉව සහ පැර‚ ක්‍රමවේද අනුගමනය කරමින් අපරාධකරුවන් යටත් කරන අයුරු මෙම සිනමා නිර්මාණයෙන් දිග හැරේ.

නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බෙදාහැරුණු චිත්‍රපටයක් වන මෙය ජෝන් ලී හැන්කොක් (ද රුකී -2002, ද බ්ලයින්ඩ් සයිඩ් - 2009) විසින් අධ්‍යක්ෂණය කෙරී ඇති අතර නිෂ්පාදනය කේසී සිල්වර් ගෙනි. ප්‍රවීණ රංගන ශිල්පී කෙවින් කොස්ට්නර් විසින් ෆ්‍රෑන්ක් හැමර්ගේ චරිතය රඟ දැක්වෙන අතර ෆ්‍රෑන්ක් ගේ සගයා වන මැනී ගොල්ට් නම් රෙන්ජර්වරයාගේ චරිතයට වූඩී හේරල්සන් පණ පොවා ඇත. ජෝන් ෆුස්කෝ (ක්රොනස් රෝඩ්ස්, යන්ග් ගන්ස්, හිඩ්ල්ගෝ) විසින් රචනා වී ඇති මෙම චිත්‍රපටය අග්‍රගණ්‍ය සංගීතවේදී තෝමස් නිව්මාන් විසින් සංගීතවත් කර ඇත. රොට්න් ටෝමැටෝස් දර්ශකයේ 57ඝ ක ලකුණු ප්‍රමාණයක් ලබා ඇති මෙම චිත්‍රපටය ගැන එහි පොදු විචාරය පවසන ආකාරයට, බොනී සහ ක්ලයිඩ්ගේ කතාව නීතිය ක්‍රියාත්මක කරවන්ගේ දෙසින් බැලීමක් වන අතර සත්‍ය ආන්දෝලනාත්මක කතා පුවතක් ගෙන ආවද චිත්‍රපටයක් ලෙස එතරම් ආකර්ෂධෑය නොවේ.