2021 නිදහසට මයිඩාන්

ජූලි 16, 2020

ලබන නොවැම්බර් මාසයේදී තිරගත කිරීමට නියමිතව තිබු අජේ දේව්ගන්ගේ  මයිඩාන් චිත්‍රපටය 2021 වසරේ අගෝස්තු 13 වැනිදා නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. මයිඩාන් ඉන්දියානු පාපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය කාලය විස්තර කරන චිත්‍රපටයකි. "2021 නිදහස් සතිය. සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි නොකියූ කතාවකි. අගෝස්තු 13 වැනිදා ඒ වෙනුවෙන් වෙන් කරන්න" අජේ සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ ප්‍රකාශ කළේය.

මෙහි අජේ දේව්ගන් ජනප්‍රිය පාපන්දු පුහුණුකරු සයිඩ් අබ්දුල් රහීම් ලෙස රංගනයෙන් දායක වේ. රහීම් ඉන්දීය පාපන්දු කණ්ඩායමට පුහුණුකරුවෙකු සහ කළමනාකරුවෙකු ලෙස සේවය කළේය. 1962 ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දීය පාපන්දු කණ්ඩායම රන් පදක්කම දිනාගත් අතර 1956 මෙල්බර්න් ඔලිම්පික් උලෙලේ අවසන් පූර්ව වටයට ගෙනගිය ඉන්දීය පාපන්දු කණ්ඩායමට ඔහු නායකත්වය දුන්නේය.

එපමණක් නොව ලඩාක්හි ගැල්වාන් නිම්නයේදී චීන හමුදා සමඟ ගැටුමේදී මියගිය ඉන්දීය නෙකුගේ කැපකිරීමට ගෞරවයක් වශයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ද අජේ දේව්ගන් සූදානම් වන බවත් බොලිවුඩ් ආරංචි ගෙන එයි. ජුනි 15 වන දින ලඩාක්හි ගැල්වාන් නිම්නයේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් බිහාර් අණදෙන නිලධාරියා ඇතුළු ඉන්දීය හමුදා භටයන් 20 දෙනෙකු ඝාතනයට ලක් විය. තවමත් නම් කර නොමැති මෙම චිත්‍රපටයේ අජේ දේව්ගන් රඟපාන්නේද යන්න තවමත් තහවුරු කර නොමැත.