මේ කාලයේ ආදර ගීය

අගෝස්තු 27, 2020

මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ සදාක් 2 චිත්‍රපටය අද (අගෝස්තු 28) සිට ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් හි විකාශය ආරම්භ කිරීමට නියමිතයි. මෙම චිත්‍රපටය  1991 වසරේදී මහේෂ් අධ්‍යක්ෂණය කළ සදාක් චිත්‍රපටයේ දෙවැනි කොටසයි. සදාක් චිත්‍රපටයට එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානය හිමි වුණා. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ මහේෂ්ගේ වැඩිමහල් දියණිය පූජා භාත් සමඟ සංජේ දත්.සදාක් 2 චිත්‍රපටයට සංජේ දත්, පූජා භාත් සමඟින් ආලියා භාත්, ආදිත්‍ය රෝයි කපූර් රංගනයෙන් දායක වී සිටිනවා. 

ඇත්තටම මෙය තාත්තා සහ දියණියන් දෙදෙනාගේ දායකත්වය ලද චිත්‍රපටයක් ලෙසත් විශේෂයි. පසුගියදා සදාක් 2 හි දෙවැනි ගීතය වන “ඉෂ්ක් කමල්” එළිදැක්විණි. සුනිල්ජීත් විසින් රචනා කරන ලද මෙම ගීතය ගායනා කරන්නේ ජාවෙඩ් අලි විසිනි. ආලියා සහ ආදිත්‍යගේ චරිත අතර ඇති මිහිරි සටහන් ගෙන එන මෙම ගීතය රචනය කර ඇත්තේ සුනිල්ජීත් සහ ෂාලූ වෛෂ් විසිනි. සදාක් 2 චිත්‍රපටයේ පළමු ගීතය “තුම් සේ හායි” මීට පෙර නිකුත් කෙරුණා. සදාක් පළමු චිත්‍රපටයේ ගීත 12ක් ඇතුළත් වූ අතර කුමාර් සානූ සහ අනුරාධා පෞද්වාල් එම ගී ගායනා කළා. එහි එන “තුම්යින් අප්නා බනානේ කි”, “හම් තෙරේ බින් කාහි රෙහ්”, “රෙහ්නේ කෝ ගාර් නහි” වැනි ගීත තවමත් රසිකයින්ගේ ආදරයට පාත්‍ර වී තිබේ.