වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday
නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්

මේ දවස්වල සිනමා ශාලා වහලා. සිනමා ශාලා වැහුවාට සිනමාව වැහිලා තියෙන්නේ ලංකාවේ විතරයි. හැබැයි මෙරට වුණත් සිනමා ශාලාවලට නොගිහින් චිත්‍රපට නරඹන ඇත්තන්ට නම් ඒ ගැන වගේ වගක් නැහැ. හැම ටෙලිවිෂන් නාළිකාවක්ම චිත්‍රපට පෙන්වනවා. ඒ වගේම අන්තර්ජාල ක්‍රම මඟිනුත් චිත්‍රපට නරඹන අය දැන් වැඩියි. ඉතින් අපේ කල්පනාව මේ දවස්වල ඔබට නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන කියන්න.
The King of Staten Island
හාස්‍යමය කතා තේමාවක් ගෙන එන කිං ඔෆ් ස්ටේටන් අයිලන්ඩ් පසුගිය ජුනි 25 වැනිදා නිකුත් වූ ඉංග්‍රීසි චිත්‍රපටයකි. පීට් ඩේවිඩ්සන්, බෙල් පවලි, බිල් බර් සහ මරිසා ටොමෙයි රංගනයෙන් දායක වන එය ජේඩ් ඇපටෝව්ගේ අධ්‍යක්ෂණයකි. පච්ච කෙටීමේ ශිල්පියෙකු වීමට සිහින මවන තරුණයකු පිළිබඳ කතාපුවතක් ගෙන එන කිං ඔෆ් ස්ටේටන් අයිලන්ඩ් ප්රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකිය.
Jaanu
සී ප්‍රේම් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජානු චිත්‍රපටය විජය සේතුපති සහ ත්‍රිෂා රඟපෑ 96 දෙමළ චිත්‍රපටයේ තෙළිඟු ප්‍රතිනිර්මාණයයි. ෂර්වානන්ද්, සමන්තා අක්කිනේනි ප්‍රධාන චරිත නිරූපිත එය ප්රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකිය. වසර ගණනාවකට පසු සුහද හමුවකදී පාසල් සමයේ ආදරයෙන් බැඳී සිටි තරුණිය හමුවන කතා පුවතක් මෙහි දිග හැරේ.
Pattas
පටාස් යනු ධනුෂ්, ස්නේහා, මෙහ්රීන් කෞර් පිර්සාඩා සහ නවීන් චන්ද්‍රා රඟපෑ ඩුරායි සෙන්තිල්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ චිත්‍රපටයකි. ජනවාරි 15 වැනිදා නිකුත් වූ එය ප්රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකිය. චෙන්නායි හි මුඩුක්කු නිවාසයක වෙසෙන ශක්ති නම් සොරෙකු, සටන් කලාවේ පැරණිතම ස්වරූපය වන ආදිමුරෙයි ඉගෙන ගැනීමත් සමඟ දුෂ්ට මිනිසෙකු බොක්සිං තරගාවලියක් සඳහා ඔහුට කළ අභියෝගයට මුහුණ දෙන අයුරු මෙහි දැක්වේ.
Serious Men
සුධීර් මිශ්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද සීරියස් මෙන් හින්දි චිත්‍රපටයේ නවාසුඩින් සිද්දිකි, ඉන්දිරා තිවාරි, අක්ෂත් දාස් සහ නසාර් රංගනයෙන් දායක වී ඇත. ඔක්තෝබර් 2 වැනිදා නිකුත් වූ එය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමේ අවස්ථාව ඇත. මෙහි කතාපුවත අනුව වරප්‍රසාද නොලත් සමාජ තත්වයෙන් පීඩා විඳීන පියෙක් තම පුතාගේ අලුතෙන් ලද කීර්තිය ප්‍රයෝජනයට ගන්නා අයුරු කියයි.