වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday
මෙන්න අලුත් චිත්‍රපට

Mookuthi Amman
මූකුති අම්මාන් යනු 2020 වසරේ නිකුත්වූ දෙමළ චිත්‍රපටයකි. ආර්.ජේ. බාලාජි සහ එන්. ජේ. සරවනන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මුකුති අම්මාන් හොට්ස්ටාර් ඔස්සේ නැරඹිය හැකිය. හාස්‍යමය චිත්‍රපටයක් වන එහි මුකුති අම්මාන් දේවතාවිය පෘථිවියට පැමිණ රූපවාහිනී වාර්තාකරුවෙකු යොදාගෙන ව්‍යාජ දේවතාවියන් හෙළි කරයි. නයන්තාරා, ආර්ජේ බලාජි, ඌර්වෂි, මනෝබාලා ඇතුළු පිරිසක් මූකුති අම්මාන්හි චරිත මවති.
AK vs AK
ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක් වන ඒම් මඵ ඒම් නිකුත් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදාය. වික්‍රමාදිත්‍ය මොට්වානේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු එහි අනිල් කපූර්, අනුරාග් කාශ්‍යප්, සෝනම් කපූර්, හර්ෂ්වර්ධන් කපූර් සහ බොනී කපූර් රංගනයෙන් දායක වී ඇත. සිනමා තරුවක් සමඟ ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් පසු අපකීර්තියට පත් අධ්‍යක්ෂවරයෙකු එම නළුවාගේ දියණිය පැහැරගෙන ගොස් ඇය සෙවීම සැබෑ ලෙස රූගත කිරීමෙන් පළිගන්නා අයුරු එහි දැක්වේ. ඒම් මඵ ඒම් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.
Halal Love Story
හලාල් ලව් ස්ටෝරි යනු 2020 වසරේ ඔක්තෝබර් මස නිකුත් කෙරුණු හාස්‍යමය මලයාලම් චිත්‍රපටයකි. සකාරියා විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඉන්ද්‍රජිත් සුකුමාරන්, ග්‍රේස් ඇන්ටනි, ෂරාෆදීන්,පාර්වතී සහ ජොජු ජෝර්ජ් රංගනයෙන් දායක වෙති. ආගමික සංවිධානයක සිනමා ලෝලීන් දෙදෙනෙකු චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධ කතා පුවතක් ගෙන එන හලාල් ලව් ස්ටෝරි ප්රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකිය.
Soul
සෝල් යනු 2020 වසරේ දෙසැම්බර් මස නිකුත් වූ ඉංග්‍රීසි සජීවිකරණ චිත්‍රපටයකි. සංගීතයට ඇති ඇල්ම නැති වූ සංගීතඥයකු වටා මෙහි කතාව ගෙතී ඇත. ජේමි ෆොක්ස්, ටීනා ෆේ, ක්වෙස්ට් ලව් සහ ෆිලීෂියා රෂාඩ් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දී ඇත.සෝල් ඩිස්නි ප්ලස් ඔස්සේ නැරඹිය හැකිය.