ඩිස්නි-වෝනර් 2021දී සිනමාව පෙරළති

ජනවාරි 7, 2021

හොලිවුඩය පසුගිය 2020 වසරේ වෙනස් විය. එය, කොරෝනා වසංගතය සමඟ සිනමා කර්මාන්තය සඳහා වසර දහයක තරම් කාලයක දේ එකවර වෙනස් කළ වසරක් බවට පත්විය. බොහෝ දේකිසි විටෙකත් පෙර තිබූ ආකාරයට ආපසු නොයනු ඇත. වෝර්නර් බ්‍රදර්ස් එන්ටර්ටේන්මන්ට් ඉන්කෝපරේෂන් හි මව් සමාගම වන වෝර්නර් මීඩියා පසුගිය සතියේ නිවේදනය කළේ 2021 වසරේ ඔවුන්ගේ චිත්‍රපට සියල්ලම සිය ස්ට්‍රීමින් සේවාව වන HBOMax වෙත නිකුත් කරන බවයි. මේ අතර ඩිස්නි සමාගමද 2021 වසරේ ඔවුන්ගේ චිත්‍රපටද සිය ස්ට්‍රීමින් සේවාව වන DisneyPlus වෙත නිකුත් කරන බවට හොලිවුඩ් ආරංචි මාර්ග හෙළි කරයි. මීට අමතරව DisneyPlus සිය සමස්ත ග්‍රාහක සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා Hulu  සමාගම සමඟ ඒකාබද්ද වීමටද සලකා බලන බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. හොලිවුඩයේ දැවැන්තයන් වන මෙම සමාගම් දෙකේ ඉහත තීරණය මුළු චිත්‍රපට කර්මාන්තයම දැවැන්ත පෙරළියකට භාජනය කරනු ඇත.

 

ඉහත තීරණ සඳහා කොවිඩ් වසංගතය තදින්ම බලපෑ ඇති බව පැහැදිලි ය. ස්ට්‍රීමින් සේවාවන් හරහා චිත්‍රපට තිරගත කිරීමේදී චිත්‍රපට සමාගම් සාක්ෂාත් කරගත යුතු තවත් කරුණක් වන්නේ නිෂ්පාදන පිරිවැය අවම මට්ටමක පවත්වා ගැනීමයි. සාම්ප්‍රදායික ක්‍රමයට නිපදවෙන බ්ලොක්බස්ටර් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක නිෂ්පාදන පිරිවැය බොහෝවිට අමෙරිකානු ඩොලර් මිලියන සියය ඉක්මවයි. ‘ඩිස්නි ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම්’ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 356 (රුපියල් බිලියන 66) ක් පමණ වැය වී ඇති අතර එය මෙතෙක් නිපදවා ඇති පිරිවැය අධිකම චිත්‍රපටයකි. අවසාන ස්ටාර් වෝර්ස් චිත්‍රපටය වන ‘ද රයිස් ඔෆ් ස්කයිවෝකර්’ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 256 ක් පමණ වැය වී ඇති අතර 2021 වසරේදී වෝනර් මීඩියා විසින් එකවර HBOMax සහ සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිත ‘ඩූන්’ සඳහා ඩොලර් මිලියන 165 ක් පමණ වැය වේ. දැවැන්ත වියදමක් යනු දැවැන්ත අවදානමක් වන අතර වසංගතයට පෙර මෙම වියදම උපයාගැනීම එතරම්ම අපහසු කටයුත්තක් නොවීය. සාම්ප්‍රදායික ක්‍රමයට නිපදවෙන චිත්‍රපට නිෂ්පාදනය, අලෙවිකරණය සහ බෙදාහැරීම අධික පිරිවැයක් නියෝජනය කළා පමණක් නොව, කැමරාකරණයද දළ වශයෙන් මාස 6ක සිට වසරක් දක්වා කාලයක් ගතවූ කර්තව්‍යයකි.

 

කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ රංගන ශිල්පීන් සහ අනෙකුත් කාර්මිකයන් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා අමතර පූර්වෝපායයන්ද ගත යුතු බැවින් පිරිවැය තව තවත් ඉහළ අගයකට පැමිණේ.

මේ හේතුවෙන් අනාගත හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සඳහා නවමු තාක්ෂණයක් යොදා ගැනීමට නියමිත ය. වර්තමානයේ ඩිස්නි ප්ලස් ස්ට්‍රීමින් නාළිකාව ඔස්සේ තිරගත වන ජනප්‍රියකතා මාලාවක් වන ‘මැන්ඩලෝරියන්’ මගින් දැනටමත් මෙම තාක්ෂණය අත්හදා බලා ඇත. නවීන ක්‍රමවේදයේදී සමස්ත නිෂ්පාදනයම සිදුවන්නේ ඉහළ පාලනයක් සහිත චිත්‍රාගාර පරිසරයක වන අතර රංගන ශිල්පීහු දැවැන්ත වක්‍රාකාර LED තිර එකතුවක් ඉදිරිපිට සිය රංගනයන් ඉදිරිපත් කරති.

 

අඩි 21ක් උස අඩි 75ක විෂ්කම්භයකින් යුත් සුවිශේෂ චිත්‍රාගාරයක අංශක 270ක් ම එකිනෙක සුමටව සම්බන්ධ කළ ‘4K’ සංදර්ශක තිරවලින් වට කර ඇති අතර, පරිගණක සජීවිකරණය මගින් නිර්මිත ඕනෑම ආකාරයක පසුබිමක් මෙම තිර මත ප්‍රක්ෂේපනය වනු ඇත. සියලු රංගනයන් මෙම ප්‍රක්ෂේපණ පසුබිමෙහි තබා සිදුවනු ඇති අතර අතිශය සවිස්තරාත්මකව රූපරාමු ග්‍රහණය කළ හැකි විශේෂිත කැමරා උපාංග මඟින් කැමරාකරණය සිදුවනු ඇත. සංරචක තිබිය හැකි සහ නළුවන් සහ භෞතික කට්ටල ග්‍රහණය කර ගන්නා කැමරාව සමඟ සමාන්තරව ගමන් කළ හැකි මෙම කට්ටල සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ පරිගණකයෙන් ජනනය කළ හැකිය. කුඩා "බී-රෝල්" කාර්ය මණ්ඩලයක් විසින් පරිගණක ගත කරන ලද කැමරා උපකරණ සමඟ අතිශයින් සවිස්තරාත්මකව ඒවා පරිගණක ගත කෙරේ. ඔ-ඕධය සහ Playstation  වීඩියෝ ක්‍රීඩා සඳහා යොදාගනු ලැබූ තාක්ෂණය අනුසාරයෙන් මෙම ක්‍රමය නිර්මාණය වී ඇති බව කියවේ.