වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
කාන් උලෙළ නියෝජනය කළ ප්රථම ශ්රී ලාංකික බෙංගලි චිත්රපටය
ලාංකික සිනමාකරුවකු විසින් ප්රථම වතාවට බෙංගාලි බසින් නිර්මාණය කළ කළ සිනමාපටයක් (සිංහල උපසිරැසි සහිතව) එළඹෙන 8 වැනිදා සිට ඇමිටිලයිට් ඇතුළු සිනාමාශාලාවල තිරගත කෙරේ. ඒ විමුක්ති ජයසුන්දර අධ්යක්ෂණය කරන ලද චත්රක් චිත්රපටයයි.
රේඛාව සිනමාපටයෙන් පසු ප්රංශයේ කාන් සිනමා උලෙළ නියෝජනය කිරීමට වරම් ලද "සුළඟ එනු පිණිස" නිර්මාණය කළ විමුක්තිගේ නවතම චිත්රපටය වූ චත්රක් කාන්ස් සිනමා උලෙළේ අධ්යක්ෂවරුන්ගේ සිනමා රාත්රියේදීද (Directors Spotlight) තිරගත කෙරුණි. මෙම චිත්රපටය ටොරොන්ටෝ, වොර්සෝ යන ලොව ප්රමුඛතම උලෙළ ඇතුළුව අන්තර්ජාතික සිනමා උළෙල 21ක් නියෝජනය කර ඇත. එමෙන්ම ශ්රී ලාංකේය කැමරා ශිල්පියෙකු හට (විදෙස් රටක පුරවැසියකු නොවන) කැමරාකරණය උදෙසා අන්තර්ජාතික සිනමා උලෙළකදී සම්මානයකින් පිදුම් ලැබීමට ඉවහල් වූ පළමු විදේශීය සිනමාපටය මෙය වේ. 2011 වසරේ නිෂ්පාදනය කොට වසර 09කට පසුව සිනමාශාලා වෙත නිල වශයෙන් මුදාහරින සිනමාපටය ලිංගික දර්ශන හේතුවෙන් ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩල විසින් මහජන ප්රදර්ශනය තහනම් කර ඇත.
"චත්රක්" විනෝද් ලෝහ්ටිගේ නිෂ්පාදනයකි. පයෝලි සෑම්, සුදිප් මුකර්ජි, තෝමස් ලෙමර්කපස් මෙහි රංගනයේ යෙදෙති. චන්න දේශප්රිය කැමරා අධ්යක්ෂවරයාය. රමග් ඩෙයිම් සංගීත අධ්යක්ෂණය කොට ඇත. ජුලි බසිවුගේ සංස්කරණයකි.
රාහුල් (සුදීප් මුකර්ජි) ඩුබායිහි ඉදිකිරීම් ස්ථානවල සේවය කරන බෙංගාලි ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහු වසර කිහිපයකට පසු නැවත කොල්කටා බලා පිටත් වේ. ඔහුගේ පෙම්වතිය වන පාඕලි (පාවෝලි dam) ඔහු නැවත පැමිණෙන තෙක් බලා සිටී.
රාහුල්ගේ සාර්ථක ජීවිතය යටපත් වී ඇත්තේ ඔහුගේ සහෝදරයා (සුමීත් තාකූර්) සෙවීමෙනි. ඔහු දැන් පිස්සු වැටී වනාන්තරයේ වාසය කරයි. එහිදී ඔහු ගස්වල නිදාගෙන වෘක්ෂලතාදිය මත යැපේ. මෙම සහෝදරයා වනාන්තරයේ සිටින ප්රංශ සොල්දාදුවෙකු සමඟ මිතුරු වේ. රාහුල් සහ පාවෝලි තම නැති වූ සහෝදරයා සොයා ගමන් කරති. ඉන්පසු ඔවුන්ගේ ජීවිත කවරාකාරයෙන් වෙනස් වේවිද? 2021 ජනවාරි 08 සිට Amity Lite- මහරගම, MaxX Lite- මොරටුව, Vista Lite- ජා ඇල, Sky Lite- මාතර ඇතුළු සිනමාශාලාවලදී නරඹිය හැකිය.