මෙන්න අලුත් චිත්‍රපට

ජනවාරි 14, 2021

Miss India

මිස් ඉන්දියා පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ තෙළිඟු චිත්‍රපටයකි.  නරේන්ද්‍ර නාත් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි කීර්ති සුරේෂ්, ජගපති බාබු, නවීන් චන්ද්‍ර සහ රාජේන්ද්‍ර ප්‍රසාද් රංගනයෙන් දායක වෙති. ඇමරිකාවේ පදිංචි ඉන්දියානු තරුණියක එදිරිවාදිකම් හමුවේ ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු කියන මිස් ඉන්දියා චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.
 

Holmes

එනෝලා හෝම්ස් යනු නැන්සි ස්ප්‍රින්ගර් විසින් රචිත 'එනෝලා හෝම්ස්'  නවකතා මාලාවේ පළමු කතාව පදනම් කරගෙන නිර්මිතව, පසුගිය වසරේදී නිකුත් වූ ඉංග්‍රීසි චිත්‍රපටයකි. හැරී බ්‍රැඩ්බීර් විසින් අධ්‍යක්ෂණය කළ එහි මිලී බොබී බ්‍රවුන්, හෙන්රි කැවිල්, සෑම් ක්ලැෆ්ලින් සහ හෙලේනා බොන්හැම් කාටර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. නෙට්ෆ්ලික්ස් ඔස්සේ එනෝලා හෝම්ස් නැරඹිය හැකිය.
 

Paava Kadhaigal

පාවා කාධයිගල් යනු මානව විද්‍යාව තේමා කර ගනිමින් නිර්මාණය වී ඇති කතාතේමා හතරකින් සමන්විත වූ චිත්‍රපටයකි. විග්නේෂ් ශිවන්, වෙට්‍රි මාරන්, ගෞතම් වාසුදේව් මෙනන්, සුදා කොන්ගරා විසින් මෙහි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති අතර පසුගිය දෙසැම්බර් මස සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමේ පහසුකම් ඇත. කාලිදාස් ජයරාම්, සායි පල්ලවි, ප්‍රකාශ් රාජ්, කල්කි කොච්ලින්, අංජලී, සිම්රාන්, ගෞතම් මෙනන් ඇතුළු පිරිසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දී ඇත.
 

Kaagaz

කගාස් යනු 2021 වසරේ ජනවාරි 07 වැනිදා නිකුත් වූ හින්දි චිත්‍රපටයකි. සතීෂ් කෞෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි පන්කජ් ත්‍රිපාති, සන්දීපා ධාර්, අමර් උපාධ්‍යා සහ මොනාල් ගජ්ජර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. සීෆයිව් ඔස්සේ කගාස් නැරඹීමේ අවස්ථාව ඇත. සාමාන්‍ය මිනිසෙකු රජයේ වාර්තා මඟින් මියගිය බව ප්‍රකාශ කිරීමෙන් පසු තම පැවැත්ම සනාථ කිරීම සඳහා ඔහු ගෙන යන අරගලය මේ ඔස්සේ දිගහැරේ.
යතේජා