මෙන්න අලුත් චිත්‍රපට

ජනවාරි 21, 2021

Bhoomi

භූමි යනු ලක්ෂ්මන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම දෙමළ චිත්‍රපටයකි.

2021 ජනවාරි 14 සිට හොට්ස්ටාර්හි නිකුත් වූ එහි ජයම් රවී, නිධි අගර්වාල්, රොනිත් රෝයි සහ තම්බි රාමයියා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. මෙහි එන පරිදි භූමිනාදන් අඟහරු මතට නැඟීමට මොහොතකට පෙර පෘථිවියේ දැවැන්ත මෙහෙයුමක් ඇත. නාසා ගගනගාමියෙකු වු ඔහු තම ගමේ ගොවීන් වෙනුවෙන් නොකරන දෙයක් නැත.

Sir

සර් යනු පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ ප්‍රේමනීය හින්දි චිත්‍රපටයකි. රොහෙනා ජෙරා විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි තිලෝතමා ෂෝම්, විවේක් ගොම්බර්, ගීතාංජලී කුල්කර්නි සහ අහමරීන් අංජුම් ඇතුළු පිරිසක් චරිත මවති. දුර බැහැර ගමක සිටින සුබවාදී හා අධිෂ්ඨානශීලී තරුණියක් ධනවත් පවුලක කිසිත් නුරුස්නා පුත්‍රයෙකු වෙනුවෙන් සේවිකාවක ලෙස සිය නව රැකියාව ආරම්භ කරයි. අවසානයේදී ඔවුන් ආදරයෙන් බැඳී සිටියත් ඔවුන්ගේ සම්බන්ධතාවය තහනම් බව පෙනේ. නෙට්ෆ්ලික්ස් ඔස්සේ සර් චිත්‍රපටය නැරඹිය හැකිය.

Kappela

කප්පෙලා යනු පසුගිය වසරේ මාර්තු මස නිකුත් වූ ත්‍රාසජනක, ප්‍රේමනීය මලයාලම් චිත්‍රපටයකි. මුහම්මද් මුස්තාෆා විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඇනා බෙන්, රොෂාන් මැතිව්, ශ්‍රීනාත් භාසි සහ සුධි කොප්පා රංගනයෙන් දායක වී ඇත. එහි කතාවට අනුව ගමක සිටින අහිංසක තරුණියක ත්‍රීරෝද රථ රියදුරෙකු සමඟ දුරකතනයෙන් කතා කරයි. අවසානයේ ඔහු හමුවීමට යන ඇයගේ ගමන විශේෂ සිදුවීමක් බවට පත්වේ. නෙට්ෆ්ලික්ස් ඔස්සේ කප්පෙලා නැරඹීමේ අවස්ථාව ඇත.

The Old Guard

ඕල්ඩ් ගාඩ් යනු ජිනා ප්‍රින්ස්-බයිත්වුඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම රැගත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. චාලිස් තෙරොන්, කිකි ලේන්, මාවන් කෙන්සාරි සහ මැතියස් ෂොනර්ට්ස් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන එය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමේ අවස්ථාව ඇත. පසුගිය වසරේ නිකුත් වූ ඕල්ඩ් ගාඩ් චිත්‍රපටයේ කතාව අමරණීය කුලී හේවායන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වටා ගෙතී ඇත. ඒ අනුව සියවස් ගණනක අමරණීයයන් සුවපත් කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට සටන් කළ යුතුව ඇත.

යතේජා