මෙන්න අලුත් චිත්‍රපට

මාර්තු 4, 2021

ත්‍රාසය සමඟ 7500

7500 යනු පසුගිය වසරේ නිකුත් වූ පැට්‍රික් වොල්රාත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටයකි. ජෝශප් ගෝර්ඩන්-ලෙවිට්, ඔමිඩ් මේමර්, මුරතන් මුස්ලු, අයිලින් ටෙසෙල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන එය ඇමේසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය. මෙහි කතා පුවතට අනුව ත්‍රස්තවාදීන් බර්ලින්-පැරිස් ගුවන් යානයක පාලනය අල්ලා ගැනීමට උත්සාහ කරන විට, තරුණ ඇමරිකානු ගුවන් නියමුවෙකු මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ජීවිත බේරා ගැනීමට අරගල කරන අතරම කොල්ලකරුවන්ගෙන් එක් අයෙකු සමඟ පුදුම සම්බන්ධතාවයක් ඇති කර ගනී.

Coolie No.1 අලුතෙන් ඇවිත්

ඩේවිඩ් ධවාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කූලි නම්බර් 1 හාස්‍යමය චිත්‍රපටය පසුගියදෙසැම්බර් 25 වැනිදා නිකුත් විය. එය 1995 වසරේදී එම නමින්ම ඩේවිඩ් ධවාන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගෝවින්ද සහ කරිෂ්මා කපූර් විසිනි. ප්‍රතිනිර්මාණයේ එම චරිත ගෙන එන්නේ වරුන් ධවාන්, සාරා අලි ඛාන් විසිනි. කූලි නම්බර් 1 චිත්‍රපටය ඇමසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය.

 

අපරාධයක් වටා Guardian

ගාඩියන් යනු ජනවාරි පළමු වැනිදා නිකුත් වූ අපරාධමය කතා පුවතක් ගෙන එන ත්‍රාසජනක මලයාලම් චිත්‍රපටයකි. සතීෂ් පෝල් විසින් අධ්‍යක්ෂණය කළ එහි රංගනයෙන් දායක වී සිටින්නේ සයිජු කුරුප්, මියා ජෝර්ජ්, සිජෝයි වර්ගිස් සහ නයනා එල්සා ඇතුළු පිරිසකි. තම බිරිය බේරා ගැනීමට උත්සාහ කරන වෛද්‍යවරයකු වටා මෙහි කතාව ගෙතී ඇත. ප්‍රයිම් රීල්ස් ඔස්සේ ගාඩියන් නැරඹීමට අවස්ථාව ඇත.

 

 

Asuraguru භ නූතන සොරෙක්

අසුරගුරු යනු ඒ. රාජ්දීප් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම දෙමළ චිත්‍රපටයකි. පසුගිය වසරේ මාර්තු මස නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුණු එහි වික්‍රම් ප්‍රභා, මහීමා නම්බියාර්, යෝගී බාබු ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කුඩා කල සිටම මුදල් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන තරුණයකු තාක්‍ෂණික සොරෙකු බවට පත්වන පුවතක් පසුබිම් කරගෙන මෙහි කතාව දිගහැරේ.