ජීවිතයේ අනිත්‍යය අවබෝධ කරගත් සුභා තෙරණියන් කථාව

නොවැම්බර් 22, 2018

දඹදිව වාසය කරන ලද ධනවත්ම සිටුවරයාගේ එකම දියණිය වන සුභා සිටු දුවණිය සුන්දර යෞවනියකි. සෑම දෙනා පිළිබඳව සමානාත්මතාවයෙන් සිතන ඒ අනුවම වැඩ කරන ඇය සිටු මැදුරේ කාගේත් ආදරණීය චරිතය බවට පත්ව සිටියි. සිටුතුමන් සිය දෑස මෙන් සුරකින ඇය කුඩා කල සිටම වෙනස් අයුරින් සිතමින් ධර්මය සහ එහි ගැඹුර පිළිබඳව සිතයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැඩි පැහැදීමකින් යුතුව කතා කරයි. ඔය අතරේ දිනක් රජ මාළිගය වෙත දනට වැඩි හිමිනමක් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයකට සවන් දෙන ඇය වඩාත් බුදු දහම කෙරේ පැහැදෙයි. ඇගේ මේ ධර්මය වෙත ඇති නැඹුරුව ඇගේ සේවිකාවගෙන් දැනගන්නා සිටු යුවළ ඇය ගිහි ගෙය කෙරෙයි කලකිරෙන්නට පෙර ඇය විවාහ කරදිය යුතු බව තීරණය කරයි.

එහෙත් විවාහය සේම සියලු සැප සම්පත් ද ප්‍රතික්ෂේප කරන සුභා තමන් පැවිදි බිමට ඇතුළත් වන බව ස්ථිරයෙන්ම කියයි. එයට කෙතරම් විරෝධය පෑවද අවසන සිය දෙමාපියන්ව කැමති කරවා ගන්නා සුභා පැවිදිවීමට තීරණය කරයි. ඇගේ සුහද සේවිකාව වන සුපන්නා ඇය සමඟ පැවිදි වී ඇයට උපස්ථාන කිරීමට උත්සාහ කළ ද සුභාවෝ එය ප්‍රතික්ෂේප කරති. පැවිදිව ආරණ්‍යවාසීව කල් ගෙවන තෙරණියෝ භාවනාවට වැඩි වේලාවක් වෙන් කරති. දිනක් ජීවක වනයට වඩින ඇයට අතරමඟ මුණ ගැසෙන නන්ද නම් තරුණයා සහ ඔහුගේ මිතුරකු වන ධීරක ඇගේ රූපශ්‍රීයෙන් වශී වෙයි. එතැන් සිට නිරන්තරව සුභා තෙරණියන්ව ලුහුබඳින නන්ද ඇයට සිතින් පෙම් කරයි. නිරන්තරව සුභා තෙරණිය දකින්නට එයි.

ඔහු විවිධ යෝජනාවන් ඇයට කරන අතර අවසන සුභා තෙරණියට දැඩි කරදරයක් බවට පත් වෙයි. කරුණාවෙන් ඇය සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ ද ඇගේ රූපයට සහ විශේෂයෙන් ඇගේ දෑසට වශී වී සිටින නන්ද ඇයට දැඩි හිසරදයක් බවට පත් වෙයි. එහෙත් ඇය සියල්ල ඉවසා සිටින අතර අවසන තරුණයා ඇයට බලහත්කාරකම් කරන්නට පවා පෙලඹෙයි. කෙතරම් කරුණු පැහැදිලි කළත් ඔහු පිළිනොගන්නා තැන ඔහුගේ යෝජනාව පිළිබඳ සිතන්නට දිනක් ඉල්ලන සුභා තෙරණියෝ පසුදා උදෑසන ඔහුගේ යෝජනාවට පිළිතුරක් දීමට පොරොන්දු වෙයි. ඇය තමන්ගේ යෝජනාවට එකඟ වනු ඇතැයි සිතන නන්ද සිය මාළිගාවේ සියල්ල සුභා තෙරණියන් වෙනුවෙන් සකස් කරයි. මොණර පිහාටුවලින් සැරසූ යහනක් මලින් පිරි කුටියක් ආදී සියල්ල සූදානම් කරයි.

පසුදා උදෑසන සුභා තෙරණියන් භාවනායෝගීව සිටියදී නන්ද තරුණයා පැමිණ ඇයට කතා කරයි. ඇය පොරොන්දු වූ පරිදි තමන්ට වචනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියි. සුභා තෙරණියෝ ඔහුට වචනයක් ලබාදෙන බව පොරොන්දු වී ඒ සඳහා පළමුව තමන්ට ඔහුගෙන් අසන්නට ප්‍රශ්න දෙකක් වන බව කියයි. පළමු ප්‍රශ්නය ලෙස ඇය අසන්නේ,

'ඔබ මට ඇයි මේ හැටිම කැමති' යන්නයි.'ඔබේ සුන්දරත්වයට ඔබේ පෙනුමට' ඔහු කියයි.'එයිනුත් ඔබ වඩාත් කැමති කුමකටද'

දුටුවන් වශි කරවන ඔබේ නෙත් සඟලට'ඔහු කියද්දී සුභා තෙරණියෝ ඇගේ දකුණු ඇස ගලවා ඔහුට දී එය රැගෙන යන්නැයි කියයි. එයින් පළමුව ක්ලාන්තව බිම ඇද වැටෙන නන්ද පසුව සුභා තෙරණියන් විසින් රූපයේ ඇති අනිත්‍යතාවය පිළිබඳ කරන පැහැදිලි කිරීමෙන් ධර්මාවබෝධය ලබයි. සුභා තෙරණිය ජීවක වනයට වඩිද්දී ඇයට කසාවත හැඳ පැවිදි වූ නන්ද මුණ ගැසෙයි. සුභා තෙරණියෝ ඒ කතාව රැගත් සිනමාපටයයි.

සුමිත් කුමාර සුභා තෙරණියෝ සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. කුරුලු පිහාටු, ඇලඩින් සහ පුදුම පහන යන සිනමාපට සුමිත් විසින් පෙර නිර්මාණය කරන ලදී.

සුභා තෙරණියෝ සිනමාපටයේ රඟපාන නළු නිළියෝ

ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, රොෂාන් රණවන, රුවංගි රත්නායක, මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, නිමල් පල්ලෙවත්ත, කුමාර වඳුරැස්ස, තිලිණි පෙරේරා

ගීපද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - විශාරද නන්දා මාලිනී, දුමාල් වර්ණකුලසූරිය

කැමරා අධ්‍යක්ෂණය - අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය - ශාන් අල්විස්

අංග රචනය - රන්ජිත් තිලකසිරි

නිෂ්පාදනය - ආනන්ද සමරසිංහ, තිසර ශානක්‍ය

    

 

 

Comments

Nishan (තහවුරු වී නොමැත)
ලස්සන කතාවක්. චිත්‍රපටියේ සංගීතය සඳහා විශිෂ්ටයින් ‍තෝරාගෙන ඇති පසුබිමක රංගනයට දුර්වලයන් ‍තෝරාගත්තේ ඇයි? රොෂාන් රණවන වගේ රංගනයට හපන්කමක් නොදක්වන කෙනෙකුට ප්‍රධාන චරිතයකුත්, රුවන්ගි වගේ අඩනිරුවත් මොස්තර නිසා සමාජයේ කතාබහට ලක්වුනු නිලියකට ප්‍රධාන චරිතයත් දුන්නේ ඇයි? අඩුම තරමින් හිස බූගෑමට තරම් වත් කැපවීමක් කල හැකි අලුත් මුහුණකට අවස්ථාව දෙන්න තිබුනා නේද?
ඉරි, 05/19/2019 - 12:20

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.