සංගිලි 11 එයි

ජනවාරි 10, 2019

ලලිත් පන්නිපිටිය අධ්‍යක්ෂණය කළ සංගිලි සිනමා සිතුවම හෙට සිට එල්. එෆ්. ඩී සහ එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. සනත් ගුණතිලක, දුලානි අනුරාධා, සාරංග දිසාසේකර, වීණා ජයකොඩි, වසන්ති චතුරානි, ලයනල් වික්‍රම, අනූෂා සොනාලි, රෙබෙකා නිර්මලී, විමල් කුමාර ද කොස්තා, මොහාන් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස සංගිලි රංගනයෙන් හැඩ කරති.කැමරා අධ්‍යක්ෂණය නිලන්ත චූලරත්නගෙනි. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් දායක විය. කේ. එම්. කරුණාරත්න තිර රචනය සිදු කොට ඇත. පූජිත සන්දාදුර සහ විශාකා ගුණතිලක අංග රචනා ශිල්පියෝය. හේමචන්ද්‍ර පෙරේරා සහ ශාන් මාකඳුරගේ කලා අධ්‍යක්ෂණයකි. සමන් පනාපිටිය සංගීතයෙන් හැඩ ගැන්වීය. සමන් ලෙනින්, ඉන්දිකා උපමාලි, සමන්ත පෙරේරා සහ නෙලූ අධිකාරි සංගිලි ගායනයෙන් රසගන්වා තිබේ.සංගිලි සිනමාපටය කීර්ති උඩවත්තගේ නිෂ්පාදනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.