යම රජුත් රැවටූ අවංක නිහතමානි, එඩිතර, ඇලපාත රීලෝඩ්

පෙබරවාරි 7, 2019

සදාසරණ මුදලිගේ ඇලපාත උපදින්නේ දුප්පතෙකු හැටියටය. දුප්පතෙකු ලෙස ඉපදුණ ද මිය යන විට දුප්පතකු වෙනවා නම් එය ඔහුගේ වැරැද්දකි. ඇලපාත එය හොඳින් උගත්තේ කාලයකට ඉහතදීය. ඔහුගේ අරමුණ දේශපාලනයට පිවිසීමය. තම ජන සමාජයේ සහෝදර සහෝදරියන් නොමඟ යවමින් ඇලපාත ඡන්දයට ඉදිරිපත් වෙයි. ඔහුගේ කපටි බස්වලට රැවටෙන ප්‍රදේශවාසීහු ඇලපාතට කැමැත්ත පළ කරති.

ඔහුගේ සැබෑ ගතිගුණ මතු වන්නේ ඉන් පසුවය. බිරිය සමඟ පවුල් ජීවිතය ගෙවමින් සිටිය ද තවත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වයි. සනා නැමැත්තෙකු මිත්‍ර කොටගෙන සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. ටික කලකින් ඇලපාත ඉහළ පෙළේ දේශපාලඥයකු බවට පත් වෙයි. කාලය ගත වී යයි. ඇලපාත සහ සනා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙති. ඔවුන්ට සිදු වන්නේ අපාගතවීමටය. එහිදී ද සුපුරුදු කපටිකමින් දිවි ගෙවන ඔවුහු යම රජුගේ බලගතු දියමන්තියක් සොරාගෙන එකී බලයෙන් යළි පෘතුවියට පැමිණෙති. යම රජුටත් ඇන්ද වූ ඇලපාත හා සනා ඊළඟට මුහුණ දුන්නේ කුමටද? සිනමාවට එක්වන අලුත් අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ධර්මපි‍්‍රය නිර්මාණය කරන රී ලෝ්ඩ් චිත්‍රපටය සැදෙන්නේ එහෙමය. එහි තිර රචනය හරිත් වාසලගෙනි.

රීලෝඩ් සිනමාපටයේ නළු නිළියන්,

කුමාර තිරිමාදුර, දිල්හානි අශෝකමාලා, ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් පිලපිටිය, සරත් චන්ද්‍රසිරි, තාරුකා වන්නිආරච්චි, මහින්ද පතිරගේ, ගයත්‍රි ඩයස්, ඩී. බී. ගංගොඩතැන්න, හේමන්ත ඊරියගම, හරිත් වාසල, ඉන්දික දේශප්‍රිය, චතුර පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, නන්දන හෙට්ටිආරච්චි, සුනිල් ජයලත්, සැනට් දික්කුඹුර, තිලකරත්න ලියනගේ, රාජසිංහ ලෝලුවාගොඩ, මංජුල මොරගහ, ශානි පෙරේරා, මල්කි ප්‍රනාන්දු, ආරියසේන ගමගේ, කීර්ති බණ්ඩාර, ජීවන් හඳුන්නෙත්ති

රීලෝඩ් නිෂ්පාදන කණ්ඩායම

නිෂ්පාදනය - මහින්ද උඩුවන, කමල් ධර්මප්‍රිය, ධම්මික ප්‍රියදර්ශන

කැමරා අධ්‍යක්ෂණය - මහේෂ් කරුණාරත්න

සම අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

සහාය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක

කලා අධ්‍යක්ෂණය - සුසන්ත ධර්මප්‍රිය, සනත් ජානක

ඇඳුම් නිර්මාණය - කුමාර ඩී. රාහුබද්ධ

අංග රචනය - ප්‍රියන්ත ඊෂ්වර

නිෂ්පාදන කළමනාකරණය - දොන් අරුණ ශාන්ත

ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය

සංගීත අධ්‍යක්ෂණය - කපිල මැද්දෙගොඩ, රොෂාන් තිසේරා

ගීත රචනා - කපිල මැද්දෙගොඩ, හරිත් වාසල

ගායනා - අංජලිකා සෙනෙවිරත්න,රොෂාන් තිසේරා

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.