ජය ශ්‍රී ඇමැතිතුමා

ඇමැතිතුමාට හදවතක් අවශ්‍යයි
මාර්තු 7, 2019

දේශපාලනය යනු ඇතැමෙකුට වහකදුරු ගානය. දේශපාලනය එපා නොවනා පිරිසක් වේ නම් ඒ දේශපාලනඥයෝය. ගලිගමුව ද එවන් වූ තැනැත්තෙකි. කොතරම් හරිහම්බ කළ ද දේශපාලනය ඔහුගේ ඇට මිදුළු තුළට ජීර්ණය වී ඇත්තේය. පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින ලැබී ඇත. ගලිගමුව තම සටකපට ලේකම්වරයා සමඟ එයට ලැහැස්ති වෙයි. පළාතේ බොහෝ ඡන්ද ගලිගමුවටය. ඒ බව සිතා ඔහු අධික සතුටින් පසු වෙයි. එහෙත් ඡන්ද ප්‍රතිඵල ලැබෙන්න මොහොතකට ප්‍රථම ගලිගමුවට දූෂමාන ආරංචියක් ලැබෙයි. ඒ ඔහු පරාජයට පත්ව ඇති බවයි. හෘදයාබාධයකට ලක්වන ගලිගමුව රෝහල් ගත කරයි. සිදුව ඇත්තේ ඔහු පරාද වී තිබීම නොව එකම එක ඡන්දයකින් ගලිගමුව පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබීමයි. මේ තතු විත්ති දැනගත්තද රෝහලේදී ගලිගමුවට නොසිතු විරූ කතාවක් අසන්නට ලැබෙයි. ඒ ඔහුගේ හදවත ක්‍රමයෙන් අක්‍රීය වන විත්තියයි. වහාම හදවතක් බද්ධ කළ යුතු බව ඔහුට දන්වයි. ගලිගමුව තම සුවච කීකරු ගෝලයා හදවතක් සොයා ගැනීමට යවයි. කෙසේ හෝ ඔහු ගෙන එන්නේ මිනිස් හදවතක් නොව සුනඛ හදවතකි. එය ගලිගමුවට බද්ධ කරයි. ගලිගමුව තමන්ට බද්ධ කළේ සුනඛ හදවතක් බව දන්නේ නැත. එතැන් පටන් ගලිගමුවගේ හැසිරීම කෙබඳු ද යන වග අමුතුවෙන් කිව යුතු නැත. ජය ශ්‍රී ඇමැතිතුමා යනුවෙන් නිශාන්ත වීරසිංහ නිර්මාණය කළ සිනමපටයෙහි අන්තර්ගතය එයයි. ගලිගමුවගේ කතාව එලෙස සිනමාපටයකට ගෙන ඒම සඳහා නිෂ්පාදන බර පැන දැරුවේ සිනමාවට ආගන්තුක චරිතයක් නොවන ජනිත මාරසිංහයි.

ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේ ගලිගමුව ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් රඟන අතර ගෝල චරිතය ටෙනිසන් කුරේ විසින් නිරූපණය කරයි. මේ දෙදෙනා ප්‍රථම වතාවට එකට රඟපානුයේ මෙම සිනමාපටයේය. මෙම සිනමාපටය නුදුරු දිනකදී සී.ඊ.එල් මණ්ඩලයේ සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය වීමට නියමිතය.

ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේ නළු නිළියන්:

කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රි ඩයස්, ලක්ෂ්මන් අමරසේකර, ආරියසේන ගමගේ, ඩී. බී. ගංගොඩතැන්න, ශිරෝමිකා ප්‍රනාන්දු

ජය ශ්‍රී ඇමැතිතුමා නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, රවින්ද්‍ර රෝහණ

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

කලා අධ්‍යක්ෂණය - චාමින්ද වාස්

ගීත ගායනය සහ තනු නිර්මාණය - ජිප්සීස් සුනිල් පෙරේරා

ගී පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - ප්‍රසාද් අමරසේකර

ශබ්ද පරිපාලනය - ශසිත් ගිම්හාන්

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියාන්ජිත් මෙන්ඩිස්

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.