‘සුළඟ අප රැගෙන යාවි’ ළඟදීම

මාර්තු 7, 2019

නුවන් ජයතිලක විසින් තිරරචනය හා අධ්‍යක්ෂණය කරන ලද සුළඟ අප රැගෙන යාවි ළඟදීම තිරගත කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ රංගන ශීල්පිනී අයිරාංගනි සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, සුරංගා රණවක, දයාදේව එදිරිසිංහ, මයුර කාංචනා ඇතුළු නළු නිළියන් රැසක් සුළග අප රැගෙන යාවි චිත්‍රපටයේ රංගනගනයෙන් දායක වී ඇත.

සුළග අප රැගෙන යාවි කැමරා අධ්‍යක්ෂණය ස්ට්රයිනර් ඇඩම්ස් විසින් සිදුකර ඇත. සංගීත අධ්‍යක්ෂණය චිත්‍රාල් චිටී සෝමපාල ගෙනි. පසුබිම් ගීත ගායනය හිමාෂ මනුප්‍රිය විසිනි. සංස්කරණය අනුර බණ්ඩාර සමඟ සමන් ඇල්විටිගල විසින් සිදුකර ඇති අතර වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර ගෙනි. සුළඟ අප රැගෙන යාවි ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම ශූරීන්ගේ දියණිය වන මායා නවගත්ගත්තේගමගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනයි. සුළඟ අප රැගෙන යාවි ප්‍රධාන ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අටක් නියෝජනය කරමින් තරගකාරී අවසාන අදියරේ හොඳම චිත්‍රපටි අතරට ද නිරදේශ වී තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.