අසන්ධිමිත්තා සමඟ සිනමා වැඩසටහනක්

අප්‍රේල් 4, 2019

 කෑගල්ල Idea Cafe (අයිඩියා කැෆේ) සහෘද හමුව සහ හොරණ -සදර්ශී සංවාද කුලකය සංවිධානය කරන සිනමා වැඩසටහන් ද්විත්වයක් කෑගල්ල මිලානෝ ගෝල්ඩ් සහ හොරණ දුල්මිණි සිනමා ශාලාවන්හි පැවැත්වේ. එය අශෝක හඳගමගේ අසන්ධිම්ත්තා සිනමා දර්ශන කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කොට ඇත. ඒ අනුව කෑගල්ල මිලානෝ සිනමා ශාලාවේ අප්‍රේල් 06 වෙනි සෙනසුරාදා සවස 06:30 සහ හොරණ දුල්මිණි සිනමා ශාලාවේ අප්‍රේල් 07 වෙනි ඉරිදා සවස 05:30ට සංවාදයට සහභාගී වී සවස 07:00 දර්ශනය නළු නිළියන් සමඟ නරඹන්නට පැමිණෙන ලෙස සදර්ශී සංවාද කුලකය සිනමා ලෝලීන්ට ආරාධනා කර සිටියි.

සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා කෙටි නවකතාව ඇසුරින් අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සම්මාන දිනු නිල්මිණි සිගේරා සමඟ, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව් ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු අසන්ධිමිත්තා සඳහා රංගනයෙන් දායක වෙති. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කළ, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය කළ අසන්ධිමිත්තා හි සංගීතය කපිල පූගලආරච්චි ගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.