මීළඟ සති තුනට චිත්‍රපට තුනක්

අප්‍රේල් 11, 2019

මෙම මස තුළදී තවත් සිනමාපට ත්‍රිත්වයක් තිරයට පැමිණීමට සූදානම්ය. ඒ වැලි පවුරු, තිත්ත ඇත්ත සහ ජයශ්‍රී ඇමැතිතුමා වේ. වැලිපවුරු මෙම මස 16 වැනිදා සිට තිරගතවනුයේ සැවෝයි මණ්ඩලයේය. එම සිනමාපටය සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. ටවුමෙ ඉස්කෝලේ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහුගේ දෙවැනි සිනමාපටය වැලිපවුරු වේ. එය දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි. හේමසිරි ලියනගේ මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, තාරුකා වන්නිආරච්චි, සූර්යා දයාරුවන්, කුමාර තිරිමාදුර, ධනංජි තාරුකා ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මෙම මස 20 වැනිදා සිට තිත්ත ඇත්ත තිරගතවේ. සරසවිය සම්මානලාභි නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න එහි අධ්‍යක්ෂවරයා මෙන්ම නිෂ්පාදකවරයාය. හාස්‍යෝත්පාදක සිනමාපටයක්වන එහි ටෙනිසන් කුරේ, විල්සන් කරූ, සුසිලා කෝට්ටගේ දොන්ගයි, චතුර පෙරේරා, රජිත හිරාන් චාමිකර, ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. මෙම මස 26 වැනිදා සිට සී. ඊ එල්. මණ්ඩලයේ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ජයශ්‍රී ඇමැතිතුමා තිරගතවේ. එය නිශාන්ත විරසිංහගේ අධ්‍යක්ෂණයකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න යන නළු නිළියන් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.