බැක් ටු ස්කූල් චිත්‍රපටයෙන් අලුත් අධ්‍යක්ෂවරයෙක්

අප්‍රේල් 11, 2019

 බැක් ටු ස්කූල් නමින් සිනමාපටයක් නිර්මාණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු සිනමාවට පිවිසෙයි. ඔහු කිත්සිරි හේවාගමගේය. ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම නිෂ්පාදකවරයකු ලෙසට කටයුතු කළ ඔහුගේ කුලුදුල් සිනමාපටය නිෂ්පාදනය කරනු ලබන්නේ දේශමාන්‍ය ඉන්දික විජේරත්නයි. සොඳුරු පාසල් සමයේ රසමුසුතැන් අළලා තිරරචනය සකසනු ලැබු මෙහි විජේරත්න වරකාගාඩ, මහේන්ද්‍ර පෙරේරා, සහන් විජේසිංහ, ප්‍රියා රණසිංහ, දීපානි සිල්වා, මියුරි සමරසිංහ, කිංස්ලි ලෝස්, සුසිලා කෝට්ටගේ, වසන්ත කුමාරසිරි, කුමාර වඳුරැස්ස, ජීවන් හදුන්නෙත්ති, නෝමන් පළිහවඩන, විහග සිහිලැල්, පූජනි භාග්‍යා ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. මේ අයට අමතරව පාසල් ළමයින් හැටකට අධික පිරිසක් බැක් ටු ස්කූල් රංගනයට තෝරාගෙන තිබේ.

ගාමිණී ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණයෙන් එකතුවේ. තිලකරත්න ලියනගේ සහාය අධ්‍යක්ෂවරයාය. රසික තෙන්නකෝන්ගේ අංගරචනයකි. ශාන් ගුණවර්ධන සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවේ. ලලිත් කල්දේරා, නිෂ්පාදන කළමනාකරුය. චලන විමලසූරියගේ සංස්කරණයකි. ධනංජය දිසානායක, ජීවන සිල්වා සහ නවෝද් ආරියරත්න කලා අධ්‍යක්ෂණයෙන් එකතු වෙති. බැක් ටු ස්කූල් සිනමාපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණ. මෙහිදී එහි රඟන බොහෝ නළු නිළියන් පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටීම විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.