දරුවන් වෙනුවෙන් සියල්ල කැප කළ මව්පියන්ගේ කතාව වැලිපවුරු

අප්‍රේල් 11, 2019

වැලිපවුරු හැඩ කරන නළුනිළියෝ

මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස්, සූර්යා දයාරුවන්, තාරුකා වන්නිආරච්චි, බුවිනි චාපා, ධනංජි තාරුකා, හරිත් වාසල, චරිත සේනානායක, නිලංගනි පෙරේරා, ප්‍රියන්ති මංගල, ජයරත්න ගලගෙදර

වැලිපවුරු නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරප්පෙරුම

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සංස්කරණය - අනුර බණ්ඩාර

සංගීත අධ්‍යක්ෂණය - දර්ශන වික්‍රමතුංග

අංග රචනය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය - සුසන්ත ඩයස්, ඇලෙක්සි ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග

නිෂ්පාදන කළමනාකරණය - වසන්ත නිතුල්ගහමුදුන

සහාය - මහින්ද රත්නායක

ගායනා - සුනිල් එදිරිසිංහ, ටෙෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක

ගීත රචනය - බණ්ඩාර ඇහැලියගොඩ, රවි සිරිවර්ධන

වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. නමින් ඔහු සිසිර ඒකනායකය. ඔහු වෙරළට ඇවිත් බොහෝ වේලාවකි. වාඩිවෙන්නට හැකි තැනකට වී ක්ෂිතිජය දෙස බලා සිටින ඔහුගේ නෙත ගැටුණේ අවරට ඇදෙනා මළ හිරුය. සිසිරට අතීතය මතක් විය. විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වූ ඔහු රාජකාරී කරනා සමයේ ඉතාම විනයගරුකව එය ඉටු කළේය. බිරිය පියුමි හා දරු දෙදෙනා සමඟ සිසිර ගත කළේ අතිශය සාර්ථක පවුල් ජීවිතයකි. කාලයාගේ ඇවෑමෙන් දියණිය සහ පුතු ලොකු මහත් වෙද්දී ඔවුන් ගිල ගන්නට පැමිණෙන ප්‍රශ්න ද ඒ හා සමානවම එළඹෙමින් තිබිණි. වැර වෑයමෙන් හරි හම්බු කළ මුදල් දේපොළ සියල්ලම දරුවන් වෙනුවෙන් ලබාදීමට සිසිර දෙවතාවක් සිතුව ද බිරියගෙන් එසේ නොවීය. මවගේ සිත පියා මෙන් නොව ඉතා ඉක්මනින් උණුවන වග දැනගත් ළමයි ඉතා සූක්ෂම අන්දමින් සිසිරගේ සබ්බ සකලමනාවම සීරුවට තමන්ගේ කර ගත්තේය. සිසිර සහ පියුමිට යන එන මං නැති විය. සිසිර විශ්‍රාම ගන්නේ සැබවින්ම විශ්‍රාම දිවිය අත්විඳීමටය. එහෙත් ඔහුට සිදු වන්නේ වෙන දෙයකි. සිසිර කළ කී දෑ වැල්ලේ තැනූ පවුරක් හා සමානය. බොහෝ මහන්සි වී ගොඩනැගුව ද එය බිඳී යන්නේ ක්ෂණයකිනි.

සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා සිතුවම වැලි පවුරු ගලා යන්නේ එලෙසිනි. ඉකුත් දිනවලදි තිරගත වූ ටවුමෙ ඉස්කෝලෙ සුනිල්ගේ පළමු සිනමා සිතුවම විය. එම සිනමාපටය නිෂ්පාදනය කළ දම්මික අතපත්තු මෙම සිනමාපටය ද නිෂ්පාදනය කොට තිබේ.

      

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.