කන්දක් සේමා එන්න ළඟයි

අප්‍රේල් 25, 2019

සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත සම්මානනීය නවකතාවක් වූ කන්දක් සේමා ඇසුරෙන් නිර්මාණය වූ කන්දක් සේමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිත වග සරසවියට වාර්තා විය. සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනාගත් අශෝක ආතවුදහෙට්ටි එය අධ්‍යක්ෂණය කොට තිබේ. මෙරටදී මෙන්ම ජපානයේ රූපගත කිරීම් කළ කන්දක් සේමා සිනමාපටයේ ප්‍රධාන චරිතය වන නූපා සඳහා පණ පොවනු ලැබුවේ නිරෝෂා පෙරේරා විසිනි. සිරිල් වික්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, වසන්ත කොටුවැල්ල, ජයනි සේනානායක, විශ්වජිත් ගුණසේකර, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, පුබුදු චතුරංග, දසුන් පතිරණ සහ ජපන් නළු නිළියන් වන ජුන් ඉටෝ, මිඩෝරි ඉසොමුර් , ඉෂියාම හිරෝෂි, ටකයමා යුකෝ, අයාකෝ කොබායාෂි, ටක යුකි ඔට්සුකී, කටොක සෙයිමා ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති.

ජයන්ත හෙට්ටිආරච්චි, සමන්මලී පද්මකුමාර, සුමිත්‍රා රාහුබද්ධ සහ ආශු මාරසිංහ කන්දක් සේමා නිෂ්පාදකවරුන්ය.

ටාඕ තෂිමොටෝ සම අධ්‍යක්ෂකවරයාය. රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණයකි. කලා අධ්‍යක්ෂණය කුමාර කරව්දෙණිය සහ ෂින්ජි ෆුජිවාරාගෙනි. නාරද ධනංජි තොටගමුව, කයියෝකි ටනාබ් සහ හිරෝමි සිබාටා අංග රචනා ශිල්පියෝය. සුරේෂ් මාලියැද්ද සංගීත අධ්‍යක්ෂණයෙන් ද මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද රචනයෙන් ද සඳනි විජේතුංග ගායනයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද කන්දක් සේමා සඳහා දායක වූහ. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණ අධීක්ෂණයකි. ශබ්ද සැලසුම්කරණය ප්‍රියන්ත කළුආරච්චිගෙනි.

Add new comment