හිතුමතේ ජීවිතේ සමඟ ගෲප් කපිතාන් සිනමාවට

අප්‍රේල් 25, 2019

හිතුමතේ ජීවිතේ නමැති සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු සිනමාවට පිවිසෙයි. ඔහු ක්‍රිෂාන්ත මනම්පේරිය. ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයකු වශයෙන් සේවය කරන ඔහු එම තනතුර සහිත සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථමයා ද ෙවි. හිතුමතේ ජීවිතේ සිනමාපටයෙහි සියලු වැඩ කටයුතු ඉකුත් දා නිම විය. මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ජගත් චමිල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, දමිතා අබේරත්න, දිනෙත් ද සිල්වා, කුමාර තිරිමාදුර, ප්‍රියංකර රත්නායක, අනුරුද්ධිකා පාදුක්කගේ, ඉෂාන් ගම්මුදලි, මරියාන් වෙත්තසිංහ, සරත් චන්ද්‍රසිරි, හර්ෂිකා රත්නායක, අනිල් ජයසිංහ ඇතුළු පිරිස මෙහි චරිත රංගනයේ යෙදෙති. උදේනි සමන් කුමාරගේ හිතුමතේ ජීවිතේ නවකතාව ඇසුරෙන් ප්‍රියංකර රත්නායක මෙහි තිර කතාව සකසා තිබේ. නිශාන්ත ප්‍රදීප්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. සාගර විජේසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණයකි. රංජිත් සිල්වා කලා අධ්‍යක්ෂවරයාය. වර්ණ සංයෝජනය ඩිලාන් ගුණවර්ධන විසිනි. හිතුමතේ ජීවිතේ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරු තිදෙනෙකි. ඒ චමින්ද හේවාවසම්, ජනක අබේරත්න සහ පබසර සමරවික්‍රම. නිහාරා සමරසිංහ හිතුමතේ ජීවිතේ නිෂ්පාදනය කොට තිබේ.

Add new comment