වැලිපවුරු තිරයට ආ දා

අප්‍රේල් 25, 2019

  

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ වැලිපවුරු සිනමාපටයෙහි මංගල දර්ශනය ඉකුත්දා වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී පැවැත්විණි. සිනමාපටය මේ දිනවල සැවෝයි මණ්ඩලයේ තිරගත වේ. දම්මික අතපත්තු නිෂ්පාදනය කළ වැලිපවුරුහි මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස්, සූර්යා දයාරුවන්, බුවිනි චාපා, ධනංජි තාරුකා ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. වැලිපවුරු සුනිල්ගේ දෙවැනි සිනමාපටය වන අතර ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ටවුමෙ ඉස්කෝලේය. වැලිපවුරු සිනමාපටයේ මාධ්‍ය සම්බන්ධිකාරකවරයා වශයෙන් උපුල් නිශාන්ත කටයුතු කරයි.

Add new comment