නූපන් ආදරයක ගිලුණු නූපාගේ ජීවන අන්දරය

මැයි 2, 2019

නුපා ඉතා ළාබාල වියෙහිදී ප්‍රේම සම්බන්ධයක පැටලී රැවැටීමකට ගොදුරු වෙයි. එම සිත් වේදනාවෙන් සහ සමාජ අපවාදයෙන් මිදෙනු පිණිස නුපා ඒජන්තයකු මඟින් ජපානයේ මහලු ගොවියකු වන මසායා සමග විවාහ වී ජපානයේ නීගතා නුවරට යයි. ජපානයේ සුන්දර සිහින දකින්නට බලාපොරොත්තු වන ඇයට තම සැමියාගේ ආර්ථික ප්‍රශ්නවලට සහ ඔහුගේ අමුතු හුදකලා ජීවිතයටද හැඩ ගැසෙන්නට සිදු වෙයි. භාෂාව නොදත්කම සංස්කෘතික වෙනස්කම් මෙන්ම නුහුරු රටක නුහුරු පරිසරයකට ඔරොත්තු දෙන්නට සිදුවීම ඇය ඉදිරියේ වූ අභියෝගයන්ය. ඇයගේ සැමියාට නූපාගේ සිතැඟි ගැන වගක් නැත. ඇය ජපානයට අනුගත වීමේ හුදකලා උත්සාහයක යෙදෙයි. නුපා සංචාරකයකු මෙන් ඇය පදිංචි නීගතාවෙහි ඇවිද යමින් ගහ කොළ මතු නොව පන්සල්, ගම්නියම් ගම් සොයමින් ඇවිදියි. භාෂාව ඉගෙන ගනියි. මේ අතර චිත්‍ර ශිල්පිනි සොරා සාන් ඇයට මුණ ගැසෙයි. සොරා සාන් නුපාට මවක මෙන් ආදරය කරයි. නුපා ජපානයේ ඇණ කම්හලක සේවයට යන්නේ සොරා සාන්ගේ උදව්වෙනි. තමාට නොලැබෙන ආදර සෙනෙහස සොයන ඇය තරුණයකු සිතෙහි මවාගෙන ඔහුට බෙහෙවින් ආදරය කරයි. එම පෙම්බරා සිතිවිලි මාත්‍රයක් පමණි.

කාලයාගේ ඇවෑමෙන් නූපා මව්පදවිය ලබයි. මසායාගේ ඇවතුම් පැවතුම් වෙනස් වී නැත. ඔහු තමාගේ තරුණ කල අහිමි වූ ආදරයක මතකය මත හුදකලා වී සිටියි. නුපාට උද්‍යානයකදී සුමල් නම් තරුණයකු හමු වන්නේ මේ අතරතුරදීය. ඔහුගේ කෙළිලොල්කම නූපාට හුදකලා සැමියාගේ අමුතු පැවැත්ම හමුවේ වෙනසක් දනවයි. ඔවුන් දෙදෙනා බොහෝ මිතුරු වෙති. නුපා සහ මසායා යුවලගේ ජීවිත මැද ගිනි කන්දක් නිර්මාණය වෙයි. ඔවුන් අතරෙහි සිටින අය අතුරෙන් මනුසත් බව උරගා බලන්නේ කවූරුන් විය හැකිද? කන්දක් සේමා සිනමාපටයෙන් කියවෙන්නේ එකී කතාවයි.

සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් නමක් දිනාගත් අශෝක ආතාවුදහෙට්ටි මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබේ. සුමිත්‍රා රාහුබද්ධගේ සම්මානිත නවකතාවක් වූ කන්දක් සේමා පාදක කර ගනිමින් මෙහි තිරනාටකය සැකසී ඇත.

 

කන්දක් සේමා සිනමාපටයේ නළු නිළියන්

නිරෝෂා පෙරේරා, ජින් ඉතෝ, බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, මිදෝරි ඉසොමුරා, ජයනි සේනානායක, ඉෂියාමා හිරෝෂි, චාන්දනි සෙනෙවිරත්න, විශ්වජිත් ගුණසේකර, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, ටකයාමා යුකෝ, පුබුදු චතුරංග, දසුන් පතිරණ, අයාකෝ කොබයාෂි, ටකායුකි ඔත්සුකි, කටෝකා සෙයිමා

 

කන්දක් සේමා සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම

නිෂ්පාදනය - ජයන්ත හෙට්ටිආරච්චි/සමන්මලී පද්මකුමාර/ සුමිත්‍රා රාහුබද්ධ/ආශූ මාරසිංහ

කතාව, තිරරචනය සහ දෙබස් - සුමිත්‍රා රාහුබද්ධ

සහය අධ්‍යක්ෂණය- ටඕ නෂිමොටෝ

කැමරාකරණය - රුවන් කොස්තා

කලා අධ්‍යක්ෂණය - කුමාර කරවුදෙණිය/ ෂින්ජි ෆුජිවාරා

වේශ නිරූපණය - නාරද තොටගමුව/ ක්‍යුකෝ ටනබේ/ හිරෝමි සිබාටා

සංගීත අධ්‍යක්ෂණය - සුරේෂ් මාලියැද්ද

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනය - සඳනි විජේතුංග

සංස්කරණය - අජිත් රාමනායක

සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කළුආරච්චි

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.