ධීවර ජීවිතයේ ශෝකාන්තයක අතීත මතක ගෙන එන යාත්‍රා

මැයි 23, 2019

වැල්ලේ ඉපදී වැල්ලේම හැදී වැඩී වැල්්ලෙන්ම යැපෙනා පවුල් බොහොමයක් ඒ ගමේ වෙති. ඔවුන්ගේ ජීවිතය මහ මුහුදය. තෙරේසා නමැති තරුණිය උන් අතරින් කෙනෙකි. ඇයට ඇන්ටනි නම් බාල සහෝදරයෙකු සිටියි. එක්තරා රාත්‍රියක ඇන්ටනි පළිගැනීමේ චේතනාවෙන් කෙනෙකු සොයයි. ඔහු මාකස්ය. මාකස් තෙරේසාට වඩා අවුරුදු විස්සකට පමණ වැඩිමහල්ය. තෙරේසාගේ රූ සපුවට වශී වන ඔහු කෙසේ හෝ ඇය අත්පත් කර ගැනීමට සැරසෙයි. තෙරේසාගේ පවුලේ උදවිය ඊට විරුද්ධ වන තැන මාකස් කරන්නේ ඇය බලෙන් පැහැරගෙන යාමය. ඒ ගමන කෙළවර වනුයේ තරුණියක වූ තෙරේසා ගැහැනියක වීමෙන්ය. තමන්ගේ සහෝදරියගේ පිරිසුදුකම කෙළෙසූ මාකස්ව සොයා විනාශ කිරීම ඇන්ටනිගේ එකම අරමුණ විය. නිමාවක් නැති මුහුදු රළ වෙරළෙහි හැපි හැපී බිඳෙයි. පාළු වූ තැනක බෝට්ටුවක නිදා සිටින මාකස්ව ඇන්ටනි දකියි. ඔහුගේ ඇඟට පෙට්‍රල් වත් කොට ගිනි කූරක් ගසා ඇන්ටනි පළා යයි. මේ සියල්ල දෙස බලා සිටින තෙරේසා සිය මලණුවන් දුව යන දිශාවට යන්නේ ඔහු සැඟවීමේ අරමුණෙනි. අවසනදී තෙරේසාට ඇන්ටනි සොය ගන්නට හැකියාව ලැබෙන්නේ නැත. වසර ගණනාවක් ගත වී යයි. අහඹු සිදුවීමක් නිසා මැණික් ව්‍යාපාරිකයකු වන තෙරේසා දැන් ගජ සල්ලිකාරියකි. ඇයට අහම්බෙන් නේපාලයේ සංචාරයක නියැළෙන්නට අවස්ථාව ලැබේ. එහිදී ලාංකේය භික්ෂුවක් තෙරේසාට මුණ ගැසෙයි. උන්වහන්සේ වැඩ සිටිනා පන්සලට යන ඇයට දැකගන්නට ලැබෙන්නේ ධීවර ජීවිතය අලළා අඳිනු ලැබූ සිතුවම් කිහිපයකි. ඇගේ සිතෙහි කුකුසක් මතු වෙයි. අතීතය ද සිහිපත් වෙයි. තෙරේසාගේ කතාව ඔබට හමු වන්නේ යාත්‍රා සිනමාපටයේදීය. දිගු කලකට පසු ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනයෙන් දායක වන මෙය ලංකාවේ මෙන්ම නේපාලයේ ද රූප ගත කළ අපූරු සිනමාපටයකි.

යාත්‍රා සිනමාපටයේ නළු නිළියෝ

ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, ලක්ෂ්මන් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, සොනාලි ෆොන්සේකා, පබෝධා සංදීපනී, උදාරි පෙරේරා, දිනෙත් ද සිල්වා, සඳුන් විජේසිරි, ලිලානි පෙරේරා, කුමුදු නිශාන්ත, ඉන්දික මධුරගේ.

යාත්‍රා නිෂ්පාදන කණ්ඩායම

අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය – අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි

තිර රචනය – අරුණ ජයවර්ධන

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

අංග රචනය – ඉන්දික උදාරලංකා

සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ

ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ, වසන්ත කුමාර කොබවක

ගායනය - නෙලු අධිකාරි, ඉන්දිකා උපමාලි

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - මේඝ කොළඹගේ

ශබ්ද සැලසුම – ඩිරාන් විජේසිංහ

නිෂ්පාදනය - ශ්‍රියාණි අමරසේන, රුවන් ජයසිංහ, ලිලානි පෙරේරා, නිරංජලා සරෝජනී

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.