ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා කාව්‍යය එක ගෙයි සොකරි

දිගහැරෙන ජීවනාන්දරය දිගහැරෙන ජීවනාන්දරය අකිල-උදාරි-සජිත පිරිවරා රංගනයක්...
මැයි 30, 2019

ජැක්සන් ඇන්තනි යනු ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. ඒ ගැන වාදයක් නැත. රංගනයෙන් මෙන්ම නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු ලෙසටද ඔහු අප හදවත් සොරාගත්තේය. එලෙස ඔහු රිදී තිරයට ගෙන ආ ජුලියට්ගේ භූමිකාව, අබා, ඇඩ්ඩ්‍රස් නෑ යන සිනමා සිතුවම් දිගුවේ ඊළඟ තැන ගනු ලබන්නේ එකගෙයි සොකරිය. එක කාන්තාවක සමඟ පිරිමින් දෙදෙනෙකු විවාහවීමේ සම්ප්‍රදායානුකූල අවසරය ලෝකයෙන්ම ඇත්තේ රටවල් දෙකය. ඒ ලංකාව සහ කේරළයයි. ලංකාවේ එය එකගෙයි කෑම යනුවෙන් හඳුන්වන අතර කන්ද උඩරට පිටිසර ගම්මානවල ගැමි සමාජයේ මෙම කාරණය එදා ප්‍රචලිතය. කේරළයේ මරුමක්කත්තායම් විවාහය ලෙසට ඉතිහාසයට එක්වී ඇත. නීතිපොතට අනුව මෙය ර්‍ථධතරචදඤපර යනුවෙන් සඳහන්ය.

ලංකාවේ එකගෙයි විවාහය ඉංග්‍රීසින් විසින් තහනම් කෙරුවද ඉඩම්භුක්තිය සහ රාජකාරි ක්‍රමය හේතුවෙන් සිංහල ගැමියෝ එය තවදුරටත් පවත්වාගෙන ගියෝය.

සොකරි කලාව ද ලංකාවට බලපාන්නේ කේරළයෙනි. ඒ අනුව සොකරි නටන, එකගෙයි දීගකන ඉතා පැරැණි සිංහල ගමක සිදුවුණ අපුරු කතාපුවතකි මේ එකගෙයි සොකරි.

සිංහල සිනමාවට අලුත් තේමාවක්, අලුත් පිවිසුමක්, අලුත් හැඩයක් නවමු අත්දැකීමක් ලෙස හඳුන්වාදෙමින් ජැක්සන් මෙම සිනමා සිතුවම නිර්මාණය කොට තිබේ.

1930 දශකයේ අග භාගය ගෙවෙමින් පැවතිණ. නුවර මඩකලපු කරත්ත පාරේ බිබිල පසුකළ විට හමුවන වෙල්ලස්සේ අවසාන ගම්මානයයි. නමින් එය අකිරියංකුඹුර වේ. 1818 අරගලයෙන් බැටකෑ වෙල්ලස්සේ මිනිසුන් රහසින් ජීවත්වීමට මේ ගම තෝරාගෙන තිබිණ. මොනරා, සේදර මැණිකේ, ඩුංගුරා, ඩිංගිරා, බාලයා, දළුමලී ඇතුළු ගැමියෝ රැසක් මෙහි වෙසෙති. එකගෙයි සොකරි ඔවුනගේ ජීවන අන්දරයයි.

අකිල ධනුද්දර, උදාරි වර්ණකුලසූරිය, සජිත් අනුත්තර, විල්සන් ගුණරත්න, ටෙරි ජයසිංහ, රුවන් පෙරේරා, සොනාලි ෆොන්සේකා, ආරියරත්න කළුආරච්චි, සම්පත් තෙන්නකෝන්, සුසිලා කෝට්ටගේ, රුවන් වික්‍රමසිංහ, ලලිත් රාජපක්ෂ, අයිවන් ඇන්තනි, ඒ. එම්. බණ්ඩාර මැණිකේ, ඉරේෂා ලක්මාල්, දිදුල තත්සර, ප්‍රසන්න දැකුම්පිටිය, සම්පත් වන්නිආරච්චි, අසංග රුවන්,

පුබුදුනි ගුණවර්ධන එකගෙයි සොකරි රංගනයෙන් හැඩකරන නළු නිළි පිරිවරයි.

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

අංග රචනය - හර්ෂ මංජුල

සහාය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න

ශබ්ද පරිපාලනය - ඩිලාන් ගුණවර්ධන

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර

සංගීත අධ්‍යක්ෂණය - චින්තක ජයකොඩි

නිෂ්පාදන ළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක

දර්ශන තල සම්බන්ධීකරණය - හේමන්ත බණ්ඩාර වික්‍රමසිංහ

නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න

ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න

වස්ත්‍රාභරණ - සම්පත් වන්නිආරච්චි

නර්තන අධ්‍යක්ෂණය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි

පරිගණක සජීවිකරණය - අනුජ බාසුරු ශිවංකර

සිරස්තල චිත්‍රණය - ශාන්ත කේ. හේරත්

ගි පද රචනය - බන්දුල නානායක්කාරවසම්

ගායනා - මාධවී වත්සලා, සජිත අනුත්තර, ඩිලාන් කරුණාරත්න, දිනුෂා කෝදාගොඩ, හර්ෂණ දිසානායක, චමිල මධුශාන්, නදීමාල් පෙරේරා, එවන්ද දිල්මින් පෙරේරා

නිෂ්පාදනය - ක්‍රියේටිව් හේලන්කා ප්‍රයිවට් ලිමිටඩ්

තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.