යුක්තිගරුක සමාජයක් සොයා සටන් වදින ඇළකණ්ඩියේ මාකස්

මැයි 30, 2019

ඇළකණ්ඩියේ මාකස් හිරෙන් නිදහස් වෙයි. ඔහු සියලු අකටයුතුකම්වලින් බැහැරව නව ජීවිතයක් සොයයි. එදා කළ කී දෑ ගැන අද කනස්සල්ලෙන් පසු වෙයි. මාකස් සුපුරුදු නවාතැන සොයා යයි. නගරය බොහෝ සෙයින් වෙනස් වී ඇත. කොන්ක්‍රිට් වනාන්තරය තව තවත් දලුලා වැඩෙයි. මුඩුක්කුවේද පරිසරය ක්‍රමයෙන් තුරන් වී තිබේ. එහෙත් ජාවාරම්කරුවෝ එලෙසමය. ඔවුහු තව තවත් මිනිසුන් අමාරුවේ දමමින් සිටිති. මත් ද්‍රව්‍ය වෙළෙඳාම ද ජයටම සිදු කරති. මේවා දෙස මාකස් බලන්නේ වේදනාබර සිතිනි. යහපත් පුරවැසියෙකු සේ ජීවිතය වෙනස්ව තිබුණ ද ඔහුගේ ජවසම්පන්නකම මඳක් හෝ අඩුව නැත්තේය. මාකස් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි වන්නට පටන් ගනියි.

මේ අකටයුතුකම් පිටුපස සිටින්නේ නිහාල්ය.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රජුය. ඒ වගක් නොසිතා ඇළකණ්ඩියේ මාකස්, නිහාල් සමඟ ගැටෙන්නේ යුක්තිගරුක සමාජයක් දැකීමේ අරමුණෙනි.

නිශාන්ත ද අල්විස්ගේ නවතම සිනමා සිතුවම ඇළකණ්ඩියේ මාකස් නම් වෙයි. එය ගලා යන්නේ එකී කතා පුවත ඔස්සේය. කලකට ඉහතදී තිරගත වූ නගරං සිනමා සිතුවමේ දෙවැනි කොටස ලෙස ඇළකණ්ඩියේ මාකස් නිර්මාණය වී තිබේ. නගරං අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ද නිශාන්ත විසිනි. මාකස්ගේ චරිතය රැඟුවේ නැසීගිය සුසාන් ප්‍රනාන්දුය. මාකස් සිරගත වූ තැනින් නගරං නිමා වේ. ඇලකණ්ඩියේ මාකස් සිනමාපටය ආරම්භ වන්නේ හිරෙන් නිදහස් වූ තැන සිටය. මෙවර එම චරිතය ක්ලීටස් මෙන්ඩිස් විසින් නිරූපනය කරනු ලබයි.

ඇළකණ්ඩියේ මාකස් සිනමාපටයේ නළු නිළියෝ

ක්ලීටස් මෙන්ඩිස්, අර්ජුන කමලනාත්, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, ජගත් බෙනරගම, අනූෂා දමයන්ති, අර්ඩ්ලි වෙදමුණි, නීතා සමරනායක, සුදර්ශි ගැලනිගම, නෙළුම් කළුබෝවිල, දීපාල් සිල්වා, රොනි ලීච්

ඇළකණ්ඩියේ මාකස් නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය – තිසූල දීප තඹවිට

සහාය අධ්‍යක්ෂණය – ජගත් බෙනරගම

අංග රචනය – ගාමිණී කොස්තා

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

නිෂ්පාදන කළමනාකරණය –විකුම් නිරෝෂ ද අල්විස්

තිර රචනය – නිශාන්ත ද අල්විස්

කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - සුසන්ත ග්‍රෙගරි ඩයස් අබේසිංහ

      

ප්‍රසාද් සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.