අතීතයත් වර්තමානයත් යාකළ සාම කුමරු

ජුනි 6, 2019

දුෂ්කර ගමක භාවනාවේ යෙදෙන නාරද නම් තරුණ භික්ෂුවකි. සසර ගමනින් එතෙර වන්නට පෙරුම් පුරනා උන්වහන්සේට සිය මවුපියන් පිළිබඳ සුබ නොවන ආරංචියක් ලැබේ. ඒ ඔස්සේ සියලු කටයුතු නවතා නාරද භික්ෂුව මවුපියන් සොයා පැමිණේ. ඒ ගමනේදී උන්වහන්සේට දක්නට ලැබෙන්නේ අන්ත අසරණ වී සිටින මව සහ පියා ය. අනෙකුත් දරුවන් ඔවුන් රවටා දේපළ ද අත්පත් කරගෙන ඇත.

මවුපියන් කුසට අහරක් නොමැතිව කිසිත් කරකියා ගත නොහැකිව කාලය ගත කරනු නාරද භික්ෂුවට පෙනේ. කෙසේ හෝ ඔවුන් රැක බලාගන්නට තීරණය කරන උන්වහන්සේ සිවුරු හැර යාමට තීරණය කරයි. එහෙත් එයට එරෙහි වන්නේ නායක හිමියන්ය. උන්වහන්සේ නාරද භික්ෂුවට වදාරන්නේ සිවුර ද ආරක්ෂා කර ගනිමින් මවුපියන් රැක බලා ගැනීම වඩා උචිත බවයි.

පාත්‍රය ද සුරතට ගෙන ගමක් ගමක් පාසා ඇවිදගොස් පිණ්ඩපාතයේ වඩිමින් මවුපියන්ට සැලකීමට නරද භික්ෂුව ක්‍රියා කරනු ලබයි. ගම් වාසීන් උන්වහන්සේට නොයක් අවලාද පවසයි. ඇතැමුන් නාරද භික්ෂුවගේ ක්‍රියා කලාපය විවේචනය කරයි. උන්වහන්නේ මේ කරන්නේ වංචාවක් බවද කියන අය එමටය. මේ පිළිබඳ නායක හාමුදුරුවන්ට ආරංචි වේ.

ගමේ පංසලේ බණ මඩුවට මුළු ගමම රැස් කරනා උන්වහන්නේ නාරද භික්ෂුව ද එතැනට කැඳවයි. මෙවන් වූ භික්ෂූන් වහන්සේලා අතීතයේද සිටි බව පවසමින් නායක හාමුරුවෝ අනුශාසනාවක් අරඹති. කාලය අතීතයට ගලා යයි. සාම කුමරුගේ කතාව එතැන්පටන් ආරම්භ වේ.නිශාන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ සාම කුමරු සිනමාපටය අතීතයත් වර්තමානයත් එලෙස ගළපමින් එකී කතාව ඔස්සේ නිර්මාණය වී ඇත. උදාර පල්ලියගුරු නිෂ්පාදනය කළ මෙම සිනමාපටය ඔහුගේ දෙවැනි සිනමා පටයයි. මීට පෙර ඔහු පැණි මකුළුවෝ සිනමාපටය නිෂ්පාදනය කළේය.

 

සාම කුමරු රංගන පිරිවර

විමල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි,නාලක දළුවත්ත,හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශප්‍රිය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆර්නැන්ඩු, දිමිත්‍රි පල්ලියගුරු, ධිර්ථ පල්ලියගුරු, ආකාශ් ගුණතිලක, රිසෝන් ලෙහන්සා

සාම කුමරු නිෂ්පාදන පිරිවර

කැමරාකරණය - ජනක මාපිටිය/ උපුල් ප්‍රජාත්

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - නිරෝධ වෙරංග

කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - අජිත් රෝහණ

වේශ නිරූපණය - අපේක්ෂා සෙව්වන්දි

සංගීත අධ්‍යක්ෂණය - මහේෂ් ජයවර්ධන

ගායනය - ඔනෙල් දම්සත්

නිෂ්පාදන කලමණාකරණය - සචිත් ෆොන්සේකා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.