මානය ජූලියේ

ජුනි 6, 2019

 සිංහල සිනමාවට තවත් අධ්‍යක්ෂවරයකු එක් කරමින් අංජු ධනංජය නිර්මාණය කළ මානය සිනමාපටය එළඹෙන ජූලි මාසයේ සිට තිරගත වීමට නියමිතය. වසන්ත කුමාරවිල, උපේක්ෂා ස්වර්ණමාලි, හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලිප් මනෝහර, සුමුදු අමල්ක, ප්‍රසන්න උඩගේආරච්චි, කසුන් දුෂාන්ත, ශානක දිලුම් බණ්ඩාර, ඊ. ආශිර්වාද, රසික කුමාර, රොෂාන් ඇස්කි, ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, ආර්. පී. සරත් ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති.

ප්‍රසන්න දේවින්ද ගුරුගේ ගේ කැමරා අධ්‍යක්ෂණයකි. දමිත් අලුත්ගල සහාය අධ්‍යක්ෂවරයාය. අංග රචනය කිරන් ජී.සොයිසා ගෙනි. කසුන් මහවඩුගේ කලා අධ්‍යක්ෂවරයාය. ගී පද රචනයෙන් චුල හංසි මංචනායක, ගායනය සහ සංගීත අධ්‍යක්ෂණයෙන් නිලන්ත සිරි පතිරණ, නිෂ්පාදන කළමනාකරණයෙන් දමිත් අලුත්ගම මානය සඳහා එක්ව සිටිති. වසන්ත කුමාරවිලගේ සටන් අධ්‍යක්ෂණයකි. ඉන්දීවරි දිල්හානි ඇඳුම් නිර්මාණයෙන් දායක වී ඇති අතර අනුර බණ්ඩාරගේ සංස්කරණයකි. ඩයන්ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්දික රළපනාව මානය නිෂ්පාදනය කොට තිබේ.