ගෝරි අද සිට

ජුනි 6, 2019

 හර්ෂ උඩකන්දගේ ගෝරි සිනමා පටය අද (ජුනි 06) සිට දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීමට නියමිතව ඇත. මෙය ඔහුගේ තෙවන සිනමා නිර්මාණයයි.

ක්‍රියාදාම ගණයේ සිනමා නිර්මාණයක් වන මෙහි රංගනයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස්, ආර්යන් කුලරත්න, පහන්දි නෙතාරා (ළමා), රොෂාන් රණවන, පුබුදු චතුරංග, අනුජ් රණසිංහ, වීනු සිරිවර්ධන, ටීනා ෂනෙල්, රජිත හිරාන්, කුමාර රණපුර, සුගත් ජානක, චතුර පෙරේරා, සැනට් දික්කුඹුර ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් දායක වී සිටිති. කැමරා කරණයෙන් මහේෂ් කරුණාරත්න, සංස්කරණයෙන් තිවංක අමරසිරි, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් හිමල්ක මධුශාන්, සහය අධ්‍යක්ෂණයෙන් හසිත රාජපක්ෂ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් ඩ්‍රීම්ස්, ගීත ගායනයෙන් අශාන් ප්‍රනාන්දු, පහන්දි නෙතාරා, අමිල මුතුගල හා රෙව්කා ද විධායක නිෂ්පාදනයෙන් කැලූම් උදයකුමාර, නිෂ්පාදනයෙන් නිශාන්ත ජයවර්ධන ද එක් වන ගෝරි සිනමා පටයේ කාර්මික තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි.

එම්.පී.අයි. සිනමා මණ්ඩලය ප්‍රථම වරට ඉදිරිපත් කරන සිනමාපටය ගෝරි වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.