ගමක් ආදරය කළ සුදු අප්පච්චිගේ කතාව

ජුනි 20, 2019

ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ දුෂ්කර පරිසරයක දිවි ගෙවන වයස හැත්තෑවත් පමණ පුද්ගලයෙකි. ගමේ වෙනත් අයට වඩා පැහැපත් පෙනුමකින් යුතු බැවින් ඔහු බොහෝ දෙනෙක් හැඳීන්වූයේ සුදු අප්පච්චි ලෙසය. සුදු අප්පච්චිත් ඔහුගේ බිරිඳත් කිරි ගොවිපළක් තම ගෙවත්තේම පවත්වාගෙන යමින් ඉතා සරල ජීවිතයක් ගත කරයි. අවිශ් ඔහුගේ මුණුපුරාය. ඔහුගේ පියා සිටින්නේ ඉතාලියේය. හොඳ ආදායම් සහිත රැකියාවක් සොයා ඉතාලියට යාම සඳහා අවිශ් හොඳීන් රැක බලා ගන්නේ සුදු අප්පච්චි සහ ඔහුගේ බිරිඳයි.මේ අතර කොළඹ සිට මෙම ගමට උපාධිධාරි නාට්‍ය ගුරුවරයෙක් පැමිණේ. ඔහු ගමේ දූ දරුවන්ට නාට්‍ය හා රංග කලාව උගන්වයි.

මේ අතර ගමට හදිසියේ පැමිණෙන අද්භූත පුද්ගලයකු නිසා ගම කැලැඹේ. විවිධ පුද්ගලයන් විසින් දැක ඇති මේ අද්භූත පුද්ගලයා උපාධිධාරි ගුරුවරයාටද හමුවී ඇත. පසුව එය ගමට එන අමනුෂ්‍ය බලවේගයක් ලෙස ගම්මු සිතති. එය ගමට රැගෙන එන්නේ උපාධිධාරි නාට්‍ය ගුරුවරයා බවට ගම්මු සැක කරති. ඒ නිසා ඔහුට තාඩන පීඩනවලට මුහුණපෑමට සිදුවෙයි. මේ අතර සුදු අප්පච්චිද, ඔහුගේ බිරිඳද මෙම අවතාරය දකියි. ඒ නිසාම සුදු අප්පච්චිගේ බිරිඳ අසනීප වෙයි. අවිශ්ද අසරණ වෙයි. නාට්‍ය ගුරුවරයා වරින් වර උදව් කළද අවසානයේ දරුවා තම පියා ළඟට යවන්නට තීරණය කරයි. කතාව දිග හැරෙන්නේ ශීත සෘතුවේ ඉතාලියේ නගරයක ශ්‍රී ලංකාවේ ගමකට වඩා පහසුකම් අත්විඳීන, ගැටවර වියට පා තබන අවිශ්ගේ අතීත ආවර්ජනයක් ලෙසටය.

මෙම කතාව රැගත් සුදු අප්පච්චී සිනමාපටය රොඩ්නි විදානපතිරණගේ අධ්‍යක්ෂණයකි. මෙම වෘත්තාන්තය හරහා සංවර්ධනය වෙමින් පැවතුණද ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිත් තුළට කිඳා බැස ඇති හොල්මන්, අවතාර පිළිබඳ සංකල්පය කෙතරම් දුරට සාමාන්‍ය ජීවිත අවුල් කරන්නේ ද යන්න කියැවෙන අතර හොල්මන් අවතාර පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටියකින් බලන්නට නව ලෝකය සොයා යන අනාගත පරපුරේ සිතුම් පැතුම්ද මෙයින් විග්‍රහ කෙරේ.

සුදු අප්පච්චිගේ කතාව රංගන පිරිවර

නළු නිළියෝ - ගාමිණි සමරකෝන්, ඉෂාර වික්‍රමසිංහ, රූපා පතිරණ, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, කැළුම් ධර්මදාස, රංජිත් රණසිංහ

හඳුන්වා දෙන ළමා නළුවෝ - අවිශ්ක විජේරත්න, අරෝෂ විජේරත්න, නිෂේධ ජයසිංහ

සුදු අප්පච්චිගේ කතාව නිෂ්පාදන පිරිවර

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රොඩ්නි විදානපතිරණ

නිෂ්පාදනය - RW Productions

සංගීතය - විශාරද මනෝජ් පීරිස්

කැමරාකරණය - මහේන්ද්‍ර සේනාරත්න

ඉතාලි කැමරාකරණය - සඳුන් හේවගේ

සංස්කරණය සහ දෘෂ්ටි ප්‍රයෝග - පසත් සමරවීර

කලා අධ්‍යක්ෂණය සහ වේෂ නිරූපණය - රංජිත් රණසිංහ

දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය- මාලන් විදානපතිරණ

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.