අන්තර්ජාතික සම්මාන දිනූ බබානෝනාගේ කතාව පාංශු

ජුනි 27, 2019

බබානෝනා ඇයගේ නමයි. රෙදී සේදීම වෘත්තියක් කරගත් ඇය කුලහීන කාන්තාවක් ලෙස හංවඩු ගැසී ඇත. බබානෝනාගේ සිත කලක පටන් යම් දොම්නසකින් පිරී ඇත. ඒ භීෂණ සමයේදී තම පුතු කිසියම් වූ කෙනෙකු විසින් පැහැර ගත් බැවිනි. එක්තරා අවස්ථාවකදී ලයනල් නැමැති තැනැත්තෙකු එයට සම්බන්ධ බව බබානෝනා විසින් හඳුනා ගැනේ. බබානෝනා නීතියේ පිළිසරණ සොයා යයි. නඩු විභාගය දිගු කලක් ඇදෙයි. එම කාලය අතරතුරදී නඩුවේ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන් නින්දිත අයුරින් තලා පෙළන අයුරු අනාවරණය වේ.

විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කළ පාංශු සිනමා කෘතිය වෙනස් තේමාවක් ඔස්සේ නිර්මාණය වී ඇත. එහි කතා සංකල්පය ඉහත පරිදිය. සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය මුල්වරට දිනූ සයපෙති කුසුම අධ්‍යක්ෂණය කළ විසාකේසගේ දෙවැනි සිනමා පටය වන්නේ පාංශුය. මෙහි බබානෝනා ලෙස නීටා ප්‍රනාන්දු රංගනයේ යෙදේ. ඇය එම රංගනය වෙනුවෙන් ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රවීමටද වාසනාව ලද්දීය. එමෙන්ම ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණියට ද එම සම්මාන උලෙළේදී විශිෂ්ටතම සම්මානයක් හිමි විය.

පාංශු චිත්‍රපටයේ නළු නිළියන්

නීටා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර කාංචන පෙරේරා, නිල්මිණි බුවනෙක, ග්‍රේස් ආරියවිමල්, යොහානි හංසිකා, මැල්කම් මචාඩෝ, දයා වයමන්, කුමුදු කුමාරසිංහ, සේන ඉරුගල්බණ්ඩාර, දිමුතු ප්‍රියංගික, ඩී. බී. ගංගොඩතැන්න, එස්. විශ්වනාදන්, එස්. ඒ. රෝහණ, කුමාර ජයලත් ගුණරත්න, කුමාරි කරුණාගමගේ, මහේෂ්වරී රත්නම්, ශිරාණි කෞශල්‍යා, මාධව කලටුආරච්චි, දිනූෂා දමයන්ති,

කතාව, දෙබස්, තිරරචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - විසාකේස චන්ද්‍රසේකරන්

කැමරා අධ්‍යක්ෂණය - දිමුතු කාලිංග දහනායක

සංස්කරණය - සිතුම් සමරජීව

අංග රචනය - බුවනෙක රණවක

සංගීත අධ්‍යක්ෂණය - චින්තක ජයකොඩි

ශබ්ද සැලසුම - අරුණ කලුආරච්චි

අලෝකකරණය - සුරංග බාලවින්නගේ

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන කලමනාකරණය - ෂර්ලි සමරසිංහ

ඇඳුම් නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙණිය

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.